8 කොටස

160 37 22
                                    


දිනකර මණ්ඩල සහස්‍ර චමුඛපති නුබ ගැබ දිරි දිරි පන්නාපං
කමලිත පුෂ්ප පුදම් යකු දිෂටි වරම් ගත සලිත කරන් මාරං
අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මතුට මතුට මකුට සරිය අවි දල්වම්
බැන්දෙන් රැහැන් පොට ගිල්වා මකර කට බින්න රකින උන මකවාපං

දිවියා කෙළින තැන අංගම් මැඩිල්ලයි නාඩි උලුප්පන පැති පහරයි
තුනඟුල මැන ඇන උරපතු මැද නිල මරු විකලෙට පෙර තුන් වරුවයි
වමට බරව දකුනු පයට රැගෙන විරිය කරව ප්‍රලය නෙතට පහර කනට සුලිය මුෂ්ටි තුනයි
නාග මුවේ රැකි නා මිණි විලසේ පිටට නොදෙවු තද මාරණයයි

යක්ෂ ප්‍රචණ්ඩ මහා බල ත්‍රී මුඛ තුන්බෑ කොන්තය වමත දරවු
ජයසෙන් ගිනි අලගුව මතුලේ තිස් එක් වර විස බැඳ ප්‍රාණ වරං
දියත දිදුල වෙසමුනි වර පැතලි ගිනියමේ නැහැ බල මුෂ්ටි දිෂ්ටි කරවන බල බිඳ බුද්ධ වරං
සත්තයි මෙ මං රකිනා ඉටු දෙයියෝ පල්ලා දොස නැත මා අතනම්

නව නර කාලං නව මහ අංගම් සොලොස් වට පිනුම් අත් හිර පා හිර
තුන් වරු සත් වරු යාම තුනේ මරු දෑලේ බැන්දුම් සැනෙකින් දුරු කර
කෙරුවේ දිවුරුම් දෙන්න ට රැකවල බුද්ධ ධම්ම සඟ පන දෙවැනිව රැක
හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල

මහසෙන් භූපති රාවන යකුපති සියොලඟ දොස් හැර දෑස් රකින්නේ
සිද්ධ සූනියම් ගම්බර දෙවු සකි නිතින් දිවැස් ලා බාහු රකින්නේ
කඩවර කම්බිලි එසැඩ යකුන්නේ සමා වෙලා මා දෙපා රකින්නේ
අංගං කාලං වෙඩිසැර දුර හැර සත් පියවර ගිය තැන ජය දෙන්නේ



මන් රංග අයියා එක්ක එතනට යද්දි හතර දෙනෙක් සටන් පුරුදු වෙනවා.ඒ ඔක්කොම ඇදන් හිටියෙ සුදුපාට ජෝතිය වගේ ඇදුමක් රතුපාට රෙද්දකුත් ඔතන් හිටියෙ.දෙන්නෙක් බිම ඉදගෙන කකුළ් දෙක අස්සෙන් ගැට බෙර තියාගෙන ගහනවා. තව හතර දෙනෙක් වටේට නටනවා. උඩරට නැටුම් වගේ. මැද්දෙ ඉදන් සටන් පුරුදු වෙන අයගෙ අතේ උස ලීයකුත් තිබුණා. ඒක බලන් ඉන්න හරි ලස්සනයි සටනක් උණත්. ඒත් එක්ක බෙර සද්දෙට අර නැටුමත් එකතු උණාම සින්දුව එක්ක ගානට match උණා. සින්දු කිව්වෙ නටන අය. ඒක ඇත්තටම මාරයි. රංගා අයියා ඒක ඉවර වෙනකල් පැත්තකට වෙලා හිටගෙන බලාගෙන හිටියා. මාත් පැත්තකට වෙලා බිම තිබුණ ගලක් උඩින් ඉදගත්තා. එතන එහාපැත්තෙ තව බෙරේකුයි බටනලාවකුයි තිබුණා. මන් බටනලාව අතට අරගෙන ඒක බල බල හිටියෙ. මන් ඉස්කොලෙ යද්දි Ol කාලෙ පෙරදිග සංගීත කන්ඩායමේ හිටියනෙ. ඒ නිසා මට බටනලා ගහන්න පුළුවන් . ඒ නිසා මන් ඒක අතපත ගගා ඉදල යන්තම් නලාව කට ලගට අරගෙන පිඹල බැලුවා.ඒ සද්දෙට රංග අයියා එකපාරම හැරිලා බැලුවා.

ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING)Where stories live. Discover now