4 කොටස

158 39 8
                                    


      " Scissor Paper rock...... Scissor Paper Rock"

" මෝඩ මූසල මුඩුම ගොන් කැරපොත්තා...තවුසෙ හොර කරනෝනේ...."

" මන් කරේ නෑ.... හරි එහෙනං ආයෙ කරමු"

" scissor Paper Rock"

මායි මහරු අයියයි එකපාරමයි අත ඉස්සරහට දික් කලේ. ඒත් දින්නෙ ඌ..

" තවුසෙ එක්ක බෑ බන්...පගයා....."

" යකෝ තෝ පැරදුනා මන් මොනව කරන්නද... මගෙ බෑග් එකත් උඩට අරන් වරෙන්...බූරුවා"

මහරු අයියා මගෙ ඔළුවට පාරක් ගහල පඩිපෙල නැගගෙන උඩට ගියා . කට හොද නෑනෙ මගෙත්. මගෙ බෑග් එක විතරක් අරන් යන්න තිබ්බ එක කෙහෙල්මල් ඔට්ටුවක් දාන්න ගීන් අල කරගත්තනෙ. දැන් මේ මුඩුම කැරැපොත්තගෙ මල්ලත් උස්සන් යන්න එපෑ....ශනූ....ඔහේ නම් මහා මෝඩ යකෙක් ඕයි......හොද වැඩේ තවුසෙට ..

මන් බෑග් දෙක අතින් කටින් එල්ලගෙන උඩට ගියා. උඩට ගියාම මුලින්ම තිබ්බ room එක අපේ. මන් ඇතුලට ගීන් බලද්දි මහරු අයියා කමිසෙත් ගලෝලා ඇදේ පතබෑවිලා.අම්මල හිටියෙ එහාපැත්තෙ එකේ. එක රැයක් මූ එක්ක ඉන්න එපැයි...ඊට වැඩිය හොදායි................

" ශනූ මොකුත් ප්‍රශ්නයක් නෑ නේද?"

අම්මා Room එකට ඔලුව දාල ඇහුවම මන් ගැස්සිලා ගියා.

" නෑ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ"

අපෝ නෑ අම්මෙ කිසිම ප්‍රශ්නයක් නෑ..තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා ඔය ඇද උඩ පතබෑවිලා ඉන්නෙ කූඩැල්ලෙක් වගේ.

" කෑම ගේන්න තාත්තා ගියා...ඔයාල wash එකක් ඒම දාගන්න. තාත්තා කෑම ගෙනාවම මන් ගෙනල්ල දෙන්නම්... හරිනෙ"

අම්මා මගෙ අතේ තිබ්බ බෑග් එක අරගෙන Room එකේ තිබ්බ මේසෙ උඩින් තිබ්බා. ඊටාස්සෙ අම්මා මගෙ ඔළුවත් අතගාල Room එකෙන් එළියට ගියේ

" නැගිටපන් පගයා......"

මන් සෙරෙප්පුව ගලවලා මහරු අයියගෙ ඇගට ගැහුවා...

" මට බෑ....... තොට ඕන්නම් වෙන එකකට පලයන්"

" හැබැයි මන් අම්මට කියනෝ"

" කියාගනින්....උඹ අද ඉන්නෝනෙ මාත් එක්කනෙ...බූහ්හහ්හා...."

මහරු අයියා මගෙ ලගට ඇවිල්ලා මොකෙද්ද එකෙක් වගේ ඇස් දෙකත් ලන් කර කර විකාරයක් නැටුවා.... ඇස් පිහාටුත් අනිත් පැත්ත හරෝගෙන. ඌ හිතන්නෙ මන් අවුරුදු අටේ පොඩි ඇටයෙක් කියලද කොහෙද....

ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING)Where stories live. Discover now