14 කොටස

149 30 32
                                    


කතරගම මහ දේවාලෙට යන පාර ගාව පලතුරු කඩේක රංගා අයියා නතර උණා. ඒ දවස් වලම වෙද ගෙදරටම වෙලා මන් හිටියෙ එපා වෙලා. ඒත් එදා මන් බය උණ එකෙනුයි නූල නැති කරගත්ත එකෙනුයි සීයා කැමති උණේ නෑ ආයෙ එහෙ මෙහෙ මාව තනියම යවන්න. කොහෙ ගියත් මන් ගියේ රංගා අයියා එක්ක. මහරු අයියා බයික් එකක් අරන් තිබුණා. එහෙ ඉද්දි බයික් එකක් ඕනෙම නිසා. දවසක් දෙකක් ආවා මාව බලන්නත් ඒත් මට කොහෙවත් යන්න හම්බුනේ නෑ. රංගා අයියගෙ කශාය බිබී හිටියෙ දවස් ගානම. තනියට හිටියෙ phone එකයි අර බටනලාවයි විතරයි. රංගා අයියත් ඉතින් ගොඩක් ලොකුයිනෙ. කොහෙත්ම එයා මගෙ විදියෙ නෙමේ. ඒත් කරුණාවන්තයි හිත හොදයි. ඒත් මන් ආසම නොවුනෙ එයා මට හැම වෙලේම පොඩි එකා කියනවට. පොඩි එකා , දරුවා, පොඩ්ඩා ඔය නම් වලින් මට කතා කරනවට මන් ආසම නෑ.ඒත් හැම එකාම කතා කරේම එහෙම. ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ ......

මන් කඩේ ඉස්සරහට වෙලා රංගා අයියා පලතුරු වට්ටිය ලෑස්ති කරගෙන එනකල් බලන් හිටියෙ. වටේම සෙල්ලම් බඩු කඩවලුත් තිබ්බනෙ. තාම ඇස් යනව ඉතින් එක එක ඒවට. මන් හිතන්නෙ කතරගම ගියාම වයස කීය උණත් ඒ මනුස්සයට ඕවා දැක්කම ගන්න ආස හිතෙනව.ඒක හැටියක්ද කොහෙද. පූජාවට වෙලාවත් තියෙනවා කිව්ව නිසාද කොහෙද රංගා අයියෙ කඩේ එකා එක්ක කයිය. මට කම්මැලී එතන හිටන් ඉදල. අනික ඉදගන්න තැනක්වත් නෑ. මන් ශේප් එකේ අයියා ගාවට ගිහින් එයාගෙ පිටට ඇගිල්ලෙන් ඇන්නා. රංගා අයියා බය වෙලා වගේ මගෙ පැත්ත හැරුණා . ඇස් හීනි කරල බලද්දි බලන්නත් බයයි. ඒ මදිවට ඒකා එක්ක කතා කර කර හිටපු එකත් මන් දිහා බැලුවනෙ. එතකොට ඉතින් තවත් බය හිතෙනව.

" මේ..මං...අර පැත්තෙ බලල එන්නද? වෙලාව තියෙනව නම්"

මන් කඩපේළිය දිහාවට ඇගිල්ල දික් කරල කතා කරන්න වචන ගලපගත්තෙත් අමාරුවෙන්. මේකා කන්න වගේ මූණ දිහා බලන් ඉද්දි. රංගා අයියා මන් පෙන්නපු පැත්ත බලල වටේ පිටේ ඉන්න මිනිස්සු දිහත් හොදට බලල මොකුත් නොකියා ඔළුව වැනුවා. අවසර දුන් සැනින් මන් අතුරුදන් උණා. නැත්තන් ආයෙ හිත වෙනස් උණොත් එහෙම.

එහෙ ඉතින් හැමතැනම කඩවල්නෙ. එක එක බඩු ආසාවෙ බෑ. සෙල්ලම් තුවක්කු එහෙම දැක්කත් අත් දෙක නලියනවා. ඒත් ලැජ්ජාවෙ බෑනෙ. මන් ටිකක් ඇතුළට ගිහින් කඩයක් ගාව නැවතිලා එළියෙ එල්ලල තිබුණ සෙල්ලම් තුවක්කුව අතගගා හිටියෙ. ඊටාස්සෙ කඩේ ඇතුලෙ ඉදන් කොල්ලෙක් එළියට ආවා කෑ ගහගෙන. එයාල කෝමත් කෑ ගාන්නෙත් හෙන සද්දෙන්නෙ. ඉතින් මන් බය උණා. අල්ලගෙන හිටපු තුවක්කුවත් අතෑරල මන් පස්සට ගියා.

ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING)Où les histoires vivent. Découvrez maintenant