11 කොටස

214 43 38
                                    


We're only gettin' older, baby
And I've been thinkin' about it lately
Does it ever drive you crazy
Just how fast the night changes?
Everything that you've ever dreamed of
Disappearing when you wake up
But there's nothing to be afraid of
Even when the night changes
It will never change me and you

It will never change me and you........one direction ලගෙ මන් ආසම සින්දුව. ලියම්ගෙ මරණෙත් එක්ක මන් ඒ සින්දුවට මේ දවස් වලම addict වෙලා. කොහෙද ඉතින් මෙහෙ ආව හින්දා ඕවා ගැන වැඩිය හොයන්න බැරි උණානෙ. දැන් තමා මෙ වාහනේ යන ගමන් පාර බලාගෙන hand free එකත් ගහගෙන සින්දු අහන්නෙ. ඒ වෙලාවෙ මන් හිටියෙ ඒ සින්දුවේ music video එක හිතින් මව මව. ඒ අස්සෙ ඉතින් හතර වටේ තිබුණ ඒවටත් ඇස් දැම්මා. ඒ වාහනෙ හෙන උසයිනෙ. ඒකෙ පාරෙ යද්දි දැනෙන්නෙ නිකන් අර රජතුමා නගරෙ බලන්න යන්නෙ දෝලාවෙ අන්න ඒවගේ. අනේව් මන් දිහා කට්ටිය එහෙම බලනවා ඇති කියලත් හිතෙනවා. ලැජ්ජාවෙ බෑ එහෙම කියද්දි..phone එකේ screen එක off කරල තිබුණෙ . මන් ශේප් එකේ ඒකෙන් මගෙ මූණ බැලුවා...අවුලක් නෑ ලස්සනට ඉන්නවා ..

මන් phone එක ඔඩොක්කුව උඩින් තියාගත්තා ආයෙම. මහරු අයිය මට ඉස්සරහ Seat එකේ හිටියෙ. ඒකේ ඉඩ ගොඩයිනෙ අපි දෙන්නා විතරයි. ඉතින් මහරු අයියා යන මග දිගට එහෙට පයිනව මෙහෙට පයිනවා.මන් පිටිපස්සෙ කොනේම ඉදගෙන හේත්තුවක් දාන් හිටියා ආතල් එකේ. පිටිපස්ස තරම් සැපක් කොහෙද හනේ......

හැබැයි ඒ වෙලාවෙ නම් අපි යන ගමන් හිටියෙ කැළේ පැත්තට නෙමේ. දේවාලෙ දිහාටද මන්ද. හොයන්නත් බෑ අප්ප මට නම්.. අර කාවද මන්ද එක්කන් එන්න යනවා කිව්වනෙ සමහර විට එයාව එක්කන් එන්න යනවා ඇති..driver කාරයා එකපාරම බ්‍රේක් එකක් ගැහුවා මාව තව ටිකෙන් එළියටම විසිවෙනවා. මන් phone එක හයියෙන් අල්ලන් හිටියෙ. Phone එක විසි උණා නම් මගෙ පණ ටික ඉවරයි.මුගෙ අම්මටප්......

" දේවාන්............."

Only getting older baby ...handfree අස්සෙන් මට සින්දුව ඇහෙද්දි ඊට වඩා සද්දෙන් මට අර මිනිහා කෑ ගහපු එක ඇහුණා. හිතාගන්නකො ඉතින් කටේ සද්දෙ මොන වගේ ද කියල. වටපිට බැලුවම අපි හිටියෙ කඩයක් ගාව නතර කරන්. අර සෙල්ලම් බඩු එහෙම තියෙන්නෙ. මේකා එහෙ ඉන්න කාටහරි තමා කතා කලේ. මන් handfree එහෙම්ම තියාගෙන driver ගෙ කටහඩ දිගේ ඇස් යැව්වා. එල්ලල තිබුණ පුංචි පුංචි බෝනික්කො...තොප්පි එහාට මෙහාට කරල ඒක අස්සෙන් කොල්ලෙක් එළියට ආවා.ඒකා ඇදන් හිටියෙ දනිස්ස ගාවින් ඉරුණු ඩෙනිමකුයි සුදුපාට Shirt එකකුයි. Shirt එකේ උඩ බොත්තම් දෙක ඇරල දාල තිබුණෙ. රස්තියාදු පෙනුමයි. කොන්ඩෙ කොටට කපල උඩට උස්සලා. ඒකගෙ කටේ සිගරට් එකකුත් තුබුණා. කට වටේටම දුම් දාගෙන ආවෙ නිකම් මකරෙක් වගේ. මට අප්පිරියයි සිගරට් බොන මිනිස්සු දැක්කත්. මන් Hand free එක ගලවල song එකත් pause කලා.

ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING)Donde viven las historias. Descúbrelo ahora