10 කොටස

228 39 37
                                    


" මේ ඕයි... මට මහන්සියි බල්ලො"

ඒ වෙලාවෙ ඉදන් අපි දෙන්නා පාරෙ ඇවිද්දා Safari truck එකක් හොයන්න. මට මහන්සියි වගේ දැනුන නිසා මන් එතනම නතර වෙලා පහත් වෙලා දනිස් දෙක උඩින් අත් දෙක තියාගත්තා.

" ශනූ... උඹට අමාරුයි ද?"

මහරු අයියා මගෙ ලගට දුවන් ආවෙ මට ඔය මහන්සි දැනෙන සීන් එක දන්න නිසා. ඒක සාමාන්‍යයි එච්චර බය වෙන්න දෙයක් නෙමේ. මට ඉක්මනට මහන්සි දැනෙනවා. හතිය වගේ. මන් එතනම නතර වෙලා ටික වෙලාවක් හුස්ම ගත්තා වේගෙන් . මහරු අයියා මාව එක්කන් ගීන් පාර අයිනෙ තිබුණු කළුගලක් උඩින් වාඩි කෙරෙව්වා. මන් පපුවට අත තියන් හිටියෙ. මහරු අයියා බය වෙලා. මන් ඌ බය වෙලා හිටපු හින්දා ඒකාගෙ පපුවට හයියෙන් පාරක් ගැහුවා.

" මන් හොදින් යකෝ... මැරෙන්න වැටිල වගේනෙ... ටෝ බලන්නෙ.... වූ................හ්"

මන් දිග හුස්මක් ඉහළට අරන් සාමාන්‍ය තත්වෙට පත්වෙන්න try කරන ගමන් ඉදියෙ.. ඒ අස්සෙ පොඩි උන් දෙන්නෙක් ආවා අපි ගාවට කලිසම් කොට ඇදන් උඩට මොකුත් නෑ. දැක්කම පව් කියල හිතුණා . දුප්පත් ළමයිද කොහෙද. අවුරුදු දහයෙ දොළහෙ වගෙ මහරු අයියා කෙලින් වෙලා උන් දිහාවට හැරුණා.

" අයියල ජපන් දන්නවැයි? ජපන්?"

උන් හිනාවෙවි ඇහුවම මහරු අයියා මගෙ මූණ දිහා බැලුවා. මේ මොන හුචක්කර මාල දෙකක්ද මේ...

" ඔව් දන්නවා උඹට දැන් මොනාද දැනගන්න ඕනෙ?"

" අනත වනම් හේ වනම් දෙස්තා..හජිමෙ මශ්තෙ ...දෝශයුරෙශ්කෝ...ඔනෙගයිශිමස්..ඔකකි කුදසායි ....අරිගතෝ ගොසයිමස්..."

මේ පොඩි ඇටයො යකෝ .... මට ගලක් අහු උන්නෑනෙ පගයගෙ ඇටේ තලන්න. උන් දෙන්නා ඒක කියල මගක් ගිහින් ආයෙ හැරිලා අත් දෙකත් දික් කරල මැද ඇගිල්ල පෙන්නල පස්සත් දික් කලා... ඊටාස්සෙ

" යමතෙ කුදසා.............යි"

මේ පගයි යකෝ....උන් දෙන්නා හෙන act එකක් දාල පහේ ඒවා ගහ ගහ දිව්වා.

" නෙලපන් අයියෙ ඔය ගලෙන් අම්මගෙ රෙද්දක් කියෝනවා...."

කවුද යකෝ මේකුන්ට ජපන් නිල් චිත්‍රපටියක් දාල දීපු එකා...මට මල පැනල ගහන්න හැදුවෙ ගලෙන් කොහෙද මහරුවා මාව අල්ලගත්තනෙ.. නැත්තන් පගයගෙ මන්...ගලෝල දෙනවා කෑ ගහ ගහ ඉන්න ඇට දෙක..රෙද්ද.මන් මේ හුස්ම ගන්න බැරුව ඉන්නවා...

ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING)Onde histórias criam vida. Descubra agora