" යමු සෙල්ල කතරගම්...ඔබ එන්න යනව නම්, කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්...යමු සෙල්ල කතරගම්..ඔබ එන්න යනව නම්, කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්"
දෙයියනේ කියල service area එකෙන් බර සැහැල්ලු කරන් ආයෙම කාර් එකට නැග්ගා විතරයි. පාරට දාන්නත් කලින් මහරු අයියා ගිටාර් එක ගහ ගහ සින්දු කියන්න පටන් ගත්තා. මට ඕවට join වෙන්න බෑ. මන් ඒ වෙලාවෙත් හිටියෙ පණ බයේ ගැහි ගැහී. කොයිවෙලේ vomit වෙයිද දන්නෑ කියල. පොලිතින් බෑග් කලිසම් සාක්කු පුරෝලා...දෙකක් විසික් කළත් එක්ක.
" ශනූ.....තාම හරි නැද්ද?"
අම්මා ඉස්සරහ ඉදල පිටිපස්සට එබිල බලද්දි මන් යටි තොල පෙරළල ඔළුව වැනුවා.මොන මග්ගුලක්ද? පොඩි එකෙක්ට වගේ මෙහෙම වෙන්නෙ ඇයි යකූ....ගමනක් බිමනක් යන්න නෑනෙ. සසර ණය ගනුදෙනු කියන්නෙ මේවා තමයි....
කියල කට ගන්න හම්බුන්නෑ. බ්බුවෑක්......vomit උණත් කමක් නෑ කියමු. අන්තිමට එන තිත්ත රහ...ඒක දැනෙද්දි ආයෙම vomit වෙන්න එනවා.
" අනේ අම්මෙ ඉක්මනට යන්කො මොන මග්ගුලක්ද?"
බැරිම තැන මන් කෑ ගැහුවා. මහරු අයියට හිනා. ඌ සින්දු කියන එකත් නතර කළා. මගෙ මේ කාළකන්නි අසනීපෙ හින්දා.
ආයෙත් vomit වෙයි කියල තිබුණ බයටම මන් car seat එකට ඔළුව හේත්තු කරගෙන නිදාගත්තා. සාමාන්‍යයෙන් මන් දුර ගමන් නොයන්න හේතුවත් මේකයි.මොනා කරන්නද ඉතිම් දෙයියොන්ගෙන් ලැබුණ දේවල්නෙ..අම්මට ඇහෙන්න දෙවියන්ට බනින්න තිබ්බෙ හොදවයින් අහගන්න තිබ්බා.අම්මගෙ පණත් හරි දෙවියොත් හරි.හීනෙනුත් පෙනිල තියේ අම්මා කාලි අම්ම වගේ මාව එලෝනව මන් දෙවියන්ට බැන්නා කියල. ආයෙ ඇහැරුණාම නිදාගන්නෙ පිරිත් දාගෙන යූ ටූබ් එකේ. දැන් මේ යන්නෙත් කතරගමලුනෙ.ගෙදරින් එනකම්ම කිව්වා කට පරිස්සම් කරගන්න කියල.ඒ හින්දා මේව හිතින් විතරක් හිතල නිකා හිටියා. කට පරිස්සම් කරගත්තට හිත පරිස්සම් කරගන්න අපි රහත් වෙලා නෑනෙ හුම්ම්.
" ඒයි ඒයි මෙහෙ එනෝ..උඹල මොන හුඃ...මහත්තයා කියන්ඩ මොනෑ වෙන්ඩෝනෙ?"
නින්ද අස්සෙන් මොකෙද්ද එකෙක් කෑ ගැහුව පාර කන කීං ගාල ගියා.මන් ගැස්සිලා ඇහැරුණා..ටවුකන්ඩ කාර් එකෙන් එළියෙ ඉන්න එකෙක් කාර් එක අස්සටම හොම්බ දාගෙන කෑ ගහනවා. කොහොම නිදාගන්නද ඉතින්. කොච්චර phone එක අතේ තිබ්බත් අර බෝඩ් බලල පාර හොයන පුරුද්ද තාමත් එහෙමයි. පන්ඩිත වැඩ නොකර මන් ජනේලෙන් එළියට ඔළුව දාල බැලුවා පොඩ්ඩක් වටපිට. බෝඩ් බලන්න ඕනෙ උන්නෑ.මට තේරුණා අපි හිටියෙ කතරගම කියල. දෙපැත්තෙ තියෙන කෑම කඩවලුයි තැන් තැන් වල යන දොදොල් කරත්තයි දකිද්දි බෝඩ් ඕනෙ මොන එකකටද? එහාපැත්ත බලද්දි මහරු අයියත් නිදි..මන් එයාගෙ වැලමිටට පාරක් ඇන්නා. මන් ඇහැරුනා නම් එයත් ඇහැරෙන්නෝනෙ . මන් ඇහැරිලා ඉද්දි එයා නිදාගන්න ඔට්ටු නෑනෙ.
YOU ARE READING
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | NONFICTION (ONGOING)
Non-Fictionඅයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍