7 කොටස

162 38 45
                                    



" ඔහොම බෑ ඔහොම බෑ....හොදට හුමාලෙ අල්ලන්ඩ ඕනෙ"

" අනේ මට හුබ්බ ගල්ල බෑ..."

" හුස්ම ගන්ඩ බැරි හින්දනේ...මේ දුමාලේ අල්ලන්නෙ? ඔහේට තේරෙනවැයි?"

තේ රෙන්න මන් තේ බොන්නෙත් නෑ සීයෙ...හතිය පස්සෙන් ගිහින් තිබ්බෙ. උදේ ඇහැරුණ ගමන් තඩි මුට්ටියක් දීලා ඒකට මූණ ඔබන් හුස්ම ගන්න කිව්ව මට රෙද්දකිනුත් ඔළුව වහගෙන. ඒක හෙන අමාරුයි අප්පා. ගෙදරදිත් මන් අකමැති ම මේ දුම් ඇල්ලිල්ල තමා. තියෙන ලෙඩත් වැඩි වෙනෝ වගේ මට දැනෙන්නෙ. අර කොරෝනා කාලෙ ආවා ඔහොම දුම් අල්ලන වසංගතයක් අපේ ගෙදරට. තාත්තා වෙලාවක් දීලා ඒ වෙලාව ඉවර වෙනකල් හෙල්ලෙන්නෑ මන් ගාවින්. මන් දුම් අල්ලන්න ඕනෙ එයා ඇති කියනකං. මේකත් ඒ වගේ තමා. හැබැයි ගෙදර ඉද්දි අපි නිකන් වතුර පැහැවලනෙ. මේකෙ නම් බෙහෙතුත් තිබ්බද කොහෙද අමුතු ගදක් වගේ සුවදක් ආවා.මට හති වැටිලා තිබුණෙ දුම් අල්ලලම. කෝමහරි දුම් ඇල්ලිල්ල ඉවර වෙද්දි මගෙ හොද පණ ගිහින් තිබුණෙ. මන් එතනම බිම ඉදගෙන ටිකක් වෙලා හුස්ම ගත්තා අමාරුවෙන්.

ආපහු ගෙදර යන්න හිතිල තිබුණෙ. මට තාම විශ්වාස කරන්න බෑ. මන් ගෙදරින් පිට එක දවසක් වත් හිටියද කියල.සමහර දාට මහරු අයියලගෙ ගෙදර යනව තමා. ඒත් හෙනම කලාතුරකින්. ඒක ඉතින් දන්න තැනනෙ. මේක එහෙම නෙමේනෙ. ඉතින් මට හෙන strange ගතියක් දැනුණා ඒ දවස් වල.

මන් දුම් අල්ලල ඉවර වෙලා ඉස්සරහ තිබුණ බංකුවට වෙලා ඉදගෙන හිටියෙ.ඇහැරුණ ගමන්ම මූණ හෝදල තිබුණ නිසා වෙන කරන්න වැඩක් තිබුණෙත් නෑ. මන් සාමාන්‍යයෙන් ගෙදර හිටිය නම් මෙච්චර උදෙන් මූණ හෝදන්නෙත් නෑ. මන් බංකුවේ ඉදන් කකුල් දෙක වන වන ඉද්දි වෙද සීයා ගෙදර ඇතුළෙ ඉදල ආවා පොඩි කලේකුයි කෝප්පෙකුයි උස්සන්.

" කොල්ලො  මෙහෙ ආව නං.."

සීයා කලේ පුටුව උඩින් තියල මට අතවැනුවා. මන් බංකුව උඩ ඉදල කකුල් දෙක බිම හිටින්න උඩ ඉදන් බිමට පැන්නා. කකුල් දෙක වැලි අස්සට කිදාබැස්සා ඒ වෙලාවෙ. Beach එකේ ඉන්නව වගේ නිකන්.

" කොල්ලො ....රංගා අපේ එවුන් එක්ක හටන් පුරුදු වෙනවා. උඹට මේ බෙලි මල් කළේ අරන් ගිහින් දෙන්න පුළුවනැයි?"

ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING)Where stories live. Discover now