ඩොක් ඩොක් ඩොක්......
ඇන්ටි........
මම බෙල් එකත් රින්ග් කරලා දොරටත් තඩි බාලා කැගැහුවා. කිසි සද්දයක් නැ ආයෙත් ඒ ටික ඒ පිලිවෙලවටම කරා. මේ දොර අරින්න ඇන්ටි මම නෙහාන්. පුතා ඔය දොර නිකන් තියෙන්නෙ එන්න ඇතුලට මම කුස්සියේ..
ඕක කලින් කිව්වා නම් ඉවරනෙ දොරටත් තඩි බාලා බෙල් එකත් ගහලා කෑත් ගැහුවෙන් පස්සෙ දොර නිකන් තියෙන්නෙ කියන්නෙ.පුදුම වැඩ මෙව්වා..
පුතා මොකද අද උදෙන්ම ඇවිත් ස්කොල ගියෙ නැද්ද .
අද ගියෙ නැ ඇන්ටි. අනික් එවුනුත් එන් නැ කිව්වා. මාත් පොඩි නිවාඩුවක් ගත්තා අපෙ එකෙක් එන් නැ කියන්නෙ සැට් එකම එන් නැ කියන එක. සහෝදර ප්‍රේමය එමටයි අපෙ එවුන්ගෙ.
ඔව්වා හැමදාම තිබ්බා නම් හොදයි ඉතින් විබාගෙ ලියනකනුත් ඊට පස්සෙත්..
එව්වා කියන්න බැ ඇන්ටි කාලගුනෙත් හරියට මිනිස්සු වගෙ මිනිස්සුත් හරියට කාලගුනෙ වගෙ වෙනස් වෙනවා.
ඒක නෙවෙයි ඇන්ටි මම ආවෙ වෙතුම් හම්බෙන්න..
මම කොච්චර ෆන් එකෙ ඉන්න බැලුවත්, අපෙ එවුන් වෙනදා වගෙ ආතල් එකෙ ඉන්න ට්‍රයි කෙරුවත් ,ඇන්ටි අංකල් කොච්චර කතා බහ කරලා නෝමල් හැසිරෙන්න බැලුවත් වෙතුම් ගැන මතක් කරන පමාවට අපි කඩන් වැටෙන වැටිල්ල මහ බඹා ටවත් නවත්තන්න බැ සත්තයි. මම වෙතුම් හම්බෙන්න ආවෙ කිව්වම ඇන්ටිගෙ මූන වෙනස් වෙලා කදුලු ඇස් වල පිරුනා. ඒත් එයා ඒවා හැලුවෙ නැ. උහුලන් හිටියා මිසක්.
වෙතුම් කියන්නෙ මගෙ බෙස්ටා ස්කෝල දෙකක වුනත් මගෙ බොක්ක. එක කුස නූපන් වුනත් මගෙ සහෝදරයා. මාස තුනකට කලින් වෙච්ච දේ එක්ක මිනිහා ගොඩ ගන්න බැරි තැනටම කඩන් වැටුනා. ඒ කඩා වැටුනු තැන කොච්චරද කියනවා නම් අද මගෙ හොදම යාලුවා රෝද පුටුවේ. යාලුවා වෙනුවෙන් මට කිසි දෙයක් කරගන්න බැරි වුනා මම අදටත් පසුතැවෙනවා ඒක ගැන. ඒ දේ වුනෙ මාස තුනකට කලින් වුනත් ඌ තාම ස්කොලෙ ආවෙ නැ මාස තුනක්ම. ඒකට ඉස්කොලෙ පර්මිශන් ලැබුනත්. උගෙ හිනෙ ඌ එක්කම බොද වෙලා ගියා. මගෙ එකාට හොදටම දුවන්න පුලුවන් තරඟ මෙච්චරයි කියන්න බැරි ගානකින් මගෙ එකා දිනලා තියනවා. ස්කොලෙන්,
දිස්ත්‍රික්කෙන් ,පලාතෙන් ,සමස්ත ලංකාවෙන්ම එවා විතරක් නෙවෙයි ටුවර්ම දහයකටත් වැඩියෙන් ගිහින් කියන්න බැරි තරම් මෙඩ්ල් හම්බුනෙ මගෙ එකා ඒ තරම් දුවන්න දක්ශයෙක් හින්දා. මුගෙ හීනෙ වුනෙ කවදා හරි ඔලිම්පික් යන එක වුනත්. එ හීනෙ විනාස වුනෙ උගෙ ඇස් ඉස්සරහමයි.යාලුවා කියලා මම ඌ වෙනුවෙන් මොකක්ද කරෙ කියලා මෙ මාස තුනේම පසු තැවුනා.