අද හවස අපිට ප්රැක්ටිස් තිබ්බේ බෝගම්බර ground එකේ නිසා මමයි සචිනුයි ස්කෝලේ ඉවර වෙලා කෙලින්ම ආවේ ground එකට. අපි දෙන්නා ඇඳුමුත් change කරන් ground එකේ කැන්ටිමෙන් කෝක් දෙක්කුත් අරන් පඩිපෙළේ ටිකක් වාඩිවෙලා හිටියේ කෝච් එන්න ටිකක් පරක්කු වෙනවා කිව්ව නිසා.
"ඒ බන් මොකද්ද අද උදේ විරාග් අයියා උබට කිව්ව හරුප අප්රභංසේ"
මම හිතුවා මූ කොයි වෙලේ හරි ඕක ස්කොලේදි නැත්තම් ප්රැක්ටිස් වලදි ඇදලා ගන්නවා කියලා. හැබයි ඌ ඒක මගෙන් අහයි කියලා මම බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ ඇයි කියලා නම් මගෙන් අහන්න එපා.ඒකට හේතුව මමවත් දන් නෑ.
"මම දන් නෑ බන් මට හිතාගන්න බෑ. හැබයි මොකද්දො අමුත්තක් දැනෙනවා බන් මට. කවුරුත් මට ඔහොම කියලා නෑ නේ. අනික ඌ ඉන්න විදියට මට කිසිදෙයක් තෙරෙන්නෙත් නෑ.හැමවෙලේම ඔරවන්, බුම්බන් ගහගන්න වගෙ ඉන්න එකෙක් ඔහොම කියද්දි බයත් හිතෙනවා යකෝ. මම මූණත් දෙල් කරන් කිව්වෙ සචින් මන් දිහා බලලා කින්ඩි හිනාවක් දාද්දි "
"ඒ පාර මොකද උබ හිනාවෙන්නෙ"
"හිනාවෙන්නෙද... උබ බබා නේ. අනෙ නිකන් පලයන් යන්න. උබ හිතුවද මම රට හරකෙක් කියලා ඕක නොතේරෙන්න. විරාග් අයියා උබට කැමති මම හිතන්නේ.හිතන්නෙ නෙවෙයි එහෙම තමා. නැත්තම් ඔය වගෙ කවිකාර කතා කියන් නෑ නේ බන්. උබව දැක්ක දවසෙ ඉදන් ඌ හැසිරෙන්නෙත් උතුර දකුණ මාරු වෙලා වගේ.ඌ ඒක පිටට පෙන්න්න නෑ. හැබයි මම එක දැක්කා. අනිකා උබ... උබ ඌ දැක්කම ඉන්න තැනත් අමතක වෙනවා නෙ. මට ඕවා නෝට් නෑ කියලද උබ හිතන්නේ. උබෙත් තනිකර බොරුව නේ. හිත කියන දේ පිළිගනින්. උබෙ හිතෙත් ලාවට හරි එව්වා මෙව්වා එකක් තියෙනවා නේ.කියපන් කියපන්..... ආන් ආන්..ඔය ඔය මල් හිනාව..
"විකාර කියන් නැතුව ඉදපන්. ඔය වගෙ මුස්පේන්තුවෙක් එක්ක පවුල් කන්න මට පිස්සු නෑ.."
"යකො මම කැමත්ත ගැන නෙ කිව්වෙ. උබ පවුල් කන එක ගැනත් හිතුවද. දැක්කනේ උබෙත් හොර හිතනෙ. කෙලින් කියපන් ඌට කැමති නම්.බොක්කෙන්ම මේ කොල්ලා උබට සපෝට්."
"මඟුලක් කතා නොකර ඉදපන් සචින්. උබට පිස්සුද.. ඇටෙන් පොත්තෙන් එද්දි ලව් කරන්න මට තාම අමාරුවක් නෑ.ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින්. විසේ උබලට. මල්සර පගයත් චුට්ට නැත්තත් විද්දොත් උබලටත් හෙනට නගිනවා නේ. උබට අමාරු නම් උගෙ යාලුවා එක්ක නටාගන්. ආවා මෙතන මඟුල් කියාගෙන"