වෙතුම් pov
අපි දිහාවට බර අඩි තියලා අත් දෙකත් මිට මොලවන් ආව මනුස්සයා ඌ ගෙනාපු පලතුරු බෑග් එකත් විහික් කරා. මෙච්චර හරියක් කරා මදිවට පලතුරුත් උස්සන් මාව බලන්න ඇවිත්.ලැජ්ජා නැතිකම.මූ එකපාරටම ළඟට ඇවිත් විරාග් අයියගේ ශර්ට් කොලර් එකෙන් ඇදලා ගත්තේ මම ඇඳෙන් බහිද්දිමයි.
"මොනවද අයිසේ කෙශාන් උබ කරන්නේ. අතඇරපන් යකෝ ඔය මනුස්සයාව. මේ මනුස්සයා උබට මොනවා කරාටද උබ මූගෙන් පළිගන්නෙ යකෝ"
"මූ නේද උබ පස්සෙන් එන මහා ප්‍රේමවන්තයා. මම උබ ගැන බලාගන්නම් පස්සේ.අනික මොකද තොපි ඇලීගෙන වෙලිගෙන කරන්නෙ. මම දැනුත් ආවෙ නැත්තම් තොපි මෙතන තව මොනවා කරයිද දන් නැ. වෙතුම් මම උබට හොඳින් පැහදිලි කරලා දුන්නා මූට උබෙන් ඈත් වෙලා ඉදපන් කියලා. උබ කියන එක අහන්නෙම නැ නේ. මම කිව්ව ඒවා මතකයි නම් මූව මෙහෙම පස්සෙන් ගෙන්න ගන්නේ නැ නේ..උබෙ තියෙන්නෙත් මහ පොන්න වැඩ නේ වෙතුම්. උබ මූව මරාගන්නද හදන්නේ.හරි උබට ඒක නම් ඕනේ ඒක උබෙ කැමත්ත මැණිකේ."
"කවුද යකෝ පොන්න වැඩ කරේ. මගෙන් තෝ අහගන්න යන්නෙ පොන්න වැඩ කරේ කවුද කියලා තිරිසනා.අතඇරපන් මගෙ කොලර් එකෙන්. තමුන්ට මම මේ ගොඩක් හොඳින් කියන්නේ."
එහෙම කිව්ව විරාග් අයියා උගෙ අත ගසලා දාලා අරූට අමු අමුවෙන්ම බනින්න ගත්තේ එයා මාව එයාගෙ පිටිපස්සට ගන්න ගමන්ම ඌට හොඳම එකෙන් මරන් කන බැල්මක් දෙද්දි.
"ආ උබෙ කටට වගේම අතට පයටත් පන තියනවා එහෙනම්.වරෙන් වෙතුම් මන් ගාවට. උබට මට වඩා කොහෙන්දෝ ආව මූව විශ්වාසද ආ.. කටඇරලා කියපන්"
"උබ විශ්වාසෙ ගැන කතා කරන්නවත් සුදුසුද බලපන් අයියේ. උබට තාම නම්බු නාම දීලා කතා කරන මටයි පිස්සු.විරාග් කොහෙන්වත් ආව එකෙක් නෙවෙයි උබයි කොහෙන්ද කඩන් පාත් වෙලා මගේ ජීවිතේම විනාස කරපු කාලකණ්නියා."
"අප්පා එහෙමද ?? උබ මේ කොහෙන්ද ආව එකාටද පිස්සු වැටිලා ඉන්නේ. දැනටමත් තොපි ලව් කරන්න පටන් අරන්ද. එතකොට මම තමා මෙතන කාලකණ්ණියා. එහෙම නේ උබ දැන් කියන්නේ."
"උබට මොකටද. මම මුට පිස්සු වැටුණත් ලව් කරත්. මගෙ උත්තරේ "ඔව්" නම් උබ මාවයි මූවයි මරන්නද..උබට බය වෙලා ඉන්නද කියන්නෙ අපිට. ඒක උබේ හීනයක් මතක තියාගනින්".