_04 දිගහැරුම_

53 7 7
                                    

අපිටත් ගස්සන් ගියපු සූකිරී කෑල්ල යාලුවෝ එක්ක කියව කියව ගිහින් spa ceylon එක ලග නැවතිලා අපි දිහා බලන් කුටු කුටු ගාන්න ගත්තෙ අපි ඌට බරපතල ගනයේ අපරාදයක් කරා වගේ.

විරාග් අර බලපන්කො අරුන් අතන නැවතිලා අපි දිහා බල බල කුටු කුටු ගානවා.මේක පුදුම වැඩක් වුනා නේ. අපි ඌගේ අයිස් ක්‍රීම් එක කෑවා වගේ ඌ නටන්නේ මෙතන. පොඩි බේසාවා

මම ඌ දුන්න ලේසුවෙන්ම අයිස්ක්‍රීම් ටික පිහද පිහිද ඌ දිහා බැලුවේ වෙනුකයයි රවීනයයි කියනවා වගෙ ඌ අපිට උගෙ යාලුවො එක්ක බනිද්දි.මොනවා නැතත් ලේන්සුව න්ම් සුවඳයි. මගේ ශර්ට් එකෙනුත් ඒ සුවඳ එනවා.ඒවා වැඩක් නෑ. මම ආයේ ඌට රවලා අයිස් ක්‍රීම් ටික පිහිදන්න ගත්තේ මේ මගුල් උට්ට පිහිදව්වට යන්නෙත් නැති තරහට. ඒ මදිවට තිබ්බට වඩා පලාතක්ම දුබුරු වෙලා හත්පොලේ ගාගෙන.බැරිම තැන මම වෙනුකයාගේ ජැකට් එක දාගෙන එන්න ආවා.

අපි එලියට යන්න  උන් දිහාට ඇවිදන් යද්දි කවුදෝ නසරානි ටයිප් කොල්ලො වගයක් සූකිරි කෑල්ල ලගට ඇවිත් ඌ එක්ක කතා කරන්න ගත්තා. පෙනුමෙන් නම් මහ රස්තියාදුකාරයෙක් වගේ.
කතා කරනවට වඩා එතන බලහත්කාරකමක් වෙන්නෙ කියලා නම් දැක්කා. හැබයි සූකිරි කෑල්ලත් උන් අදුරනවා වගේ. අනුන්ගේ ඒවට හොම්බ දාලා මොකටද අපි බොරුවට ගුටි කන්නේ කියලා මම නොදැක්කා වගේ යන්න ආවා වුනත් හිතට එකගව නෙවෙයි මම එහෙම කරේ.

ඒ බන් අර බලපන් සූකිරිට අමුතු ලයින් දානවා වගෙ නේ. අරුන් සෙට් එක. රවීනය කිව්වෙ උන් දිහා බලන ගමන්.

මෙන්න මෙහෙ වරෙන් යන්න දුක අහන අයියද උබ. උන් අපි දන්නෙත් නැ අපි උන් දන්නෙත් නැ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන නටන් නැතුව වරෙන්.කෑවම දනවා ගාන් නැතුව. අනික ඌ උන්ව දන් නැත්තන් ඔහොම ඉන් නැ නේ. අපි උන් දිහාවත් නොබලා එලියට ආවේ මොනවහරි කන්න යන්න හිතාගෙන.

ඒ සුදූ......ස් ස් ස් ස් ඒයි 👉👈

මොකද උබර් ඇබරෙන්නෙ. වෙනුකයා ඇහුවේ රවීන් දිහා eww වගෙ බැලමක් දාගෙන

මම උයාට ආදරෙයි මෙත්තලක්.

ඇයි උබ පැද්දෙන්නේ ඔච්චර. ගැලවිලා වැටෙයි උබේ...

අර්ධ Where stories live. Discover now