අනේ........බන්..........අයියෝ..........
ඇයි බන් මට මෙහෙම වුනේ.........
මම මොකද්ද බන් කරපු වැරද්ද.............
අනෙ මොකද්ද බන් මගෙ තියන අඩුව කියපන්...කියපල්ලා යකෝ මම පන වගේ ඒකිට ආදරේ කරේ. ඇයි බන් ඒකි ගියේ..උබලා මම ගැන දන්නවා නේ..මම සීරීයස්ම නවවෙනි වතාවටත් ආදරේ කරේ එක හිතින්මයි.
මායි සචිනුයි පන්තියට යන්න යද්දි අපෙ පන්තිය මළගෙදර වගේ. තංගල්ලේ ක්රිශාර හෝ... ගාලා නාහෙන් අඬනවා.
මම පන්තියට අඩිය තියද්දිම ඌ ඇවිත් මගෙ බෙල්ලෙ එල්ලිලා උගෙ දුක කියන්න ගත්තේ මූ නවවෙනි වරටත් නැවතත් අති සාර්ථක ලෙස දාර බූටක් කාලා උගෙ දුක අහන අයියා විදියට මගෙ කොලර් එක අස්සේ රින්ගන් හොටු පිහදන ගමන්.
එහාට පලයන් උට්ටෝ.ඈතින් ඉඳපන්. කොහෙද උබ ඔය අස්සෙ රින්ග රින්ග හොටු ගාන්නෙ. උබ ඇඬුවට කමක් නැ. ඕන් ඔය වගෙ කඩප්පුලි වැඩ වලට එහෙම එනවා නෙවෙයි හරිද අපෙ අම්මා තාත්තා වුනත් ඕවට කැමති වෙන් නෑ. එනවා මෙතන අස්සෙ රින්ගගන්න.කෝ කෝ ඈතින් ඉදපන්. ඈතට පල.
උබ ගාව හරි සූදයි බන්...
අහකට පලයන් කැරි බේසාවා. බූට් කෑවා නම් අඬපන්. සුවඳ බලන්න එන්නේ. පුදුම වේසකමක් මේක.
උබලට මගෙ දුක තෙරෙන් නෑ බන්. උබලට තෙරෙයි ලව් කරපු දවසක. මම ආදරේ කරා බන් ඒකිට පන වගේ. මම ඒකිගෙ අතින් විතරයි ඇල්ලුවේ. ඒකි ඊයේ රෑ ගමේ මුදලාලි එක්ක හොරාට පැනලා ගිහින් ලු බන්.මට මේ දුක දරාගන්න බෑ යකුනේ.
ඒකිව මම ඇහේ මූනේ තියලා හැදුවේ දරුවෙක් වගේ මෙහෙම කතාවක් මට අහන්නද. අද රෑ වෙද්දි ඒකි අන්සතු වෙයි බල්ලො.මගෙ පපු කැවුත්තේ කරන්ට් යනවා වගේ.අනෙ බන්...කිලිටි වෙන්නෙ මගෙ දරුවන්ගේ අම්මා බන්..තේරුම් ගනින් ටිකක්.
ඒකි හඳ පානෙ පැනලා යනකන් උබ ටිවී එකෙ යන කතාවල දෙබස් පාඩම් කෙරුවද. කිලිටි වෙනවා නම් නාවලා ගෙට ගනින්. උබ ඇහේ මූනෙ තියලා රැක්ක එකීට අඩි දෙකේ pvc බටත් බස්සන්න පුළුවන් ඇති. අනික දැන් ඔය පැනලා ගියේ නෙත්මි ද ,සදුනි ද, තරුසි ද, සදමාලි ද ,පවනි ද ,සකුනි ද,මට හරියට කියපන්. උබ ඉතින් සීරීයස්ම කරා නේ නවදෙනෙක්ටම.මටත් ඉතින් දුකයි අනේ.මොනවා කරන්නද වෙන්න තියන දේවල් නෙ වෙන්නෙ බන්.හිත හදාගන්න බලපන්.