මාස හයකට පෙර..
හේ සුරංගනා ස්වරූපෙන් ගෙනා
බරපතල වැඩ සහිත සිර දඬුවම්
කැන්දන් එනා හුරේ දාගෙනා
දැන දැනම දැන දැනම අරන් නඩුවක්මේ free පිරීයඩ් එකේ උපරිම නිදහසක් බුක්ති වින්ද හිටපු අපි බජව්ව නග්ගලම ගත්තේ මේසේට පැනෙන් ගහ ගහ තාලෙ දෙන ගමන්. English මැඩම් අද අවෙ නැති එකෙ සැප තමා මේ බ්‍රෝ.
ඒ වෙනුකයා රැපත් කියපන් ඔහොමම උබ රැප් කියන්න දස්සයා නේ නග්ගලා ගනින්. විරාග් කිරි මහත්තයා ගානට තිතට බීට් එක අල්ලලා දෙයි නේ. මම ඌට ඇහකුත් ගහලා කියෙද්දි ඌ මට රැව්වා රැවිල්ලක්. මුගෙ රැවිල්ල බලකො යකො. ඔය රැවිල්ල දාලා කෙල්ලෙකුත් සෙට් කරගත්තා නම් උබ අද පස්දරු පියෙක් මචං කොහෙද ඉතින් උවමනාව මදි. ඇත්තටම උබෙ නම් සිරාවටම උවමනාව මදි හරිය.මම මේ උබෙ කිරි අම්මා කියලා හිතන් උබට මෙහෙම උපදෙස් දෙන්නේ. මම වගේ නම්..
කටවහන් ඉදපන් රවීන්. මට ආයෙ ඔය කිරි කෑල්ල දාලා ආයෙ මොනවහරි කිව්වොත් උබෙ හතර හන්දි කඩනවා දැනගනින්.
තරහ ගන්න හොද නැ කිරි..නැ මම මේ කිව්වෙ අපෙ විරාග් ආදිපාදිතුමනි.. වයසට යයි උබර් ඔච්චර ස්ඵෝටනය වුනොත් එහෙම. හිනා වෙලා ඉන්න මෙ උදේ සුපිපුනු මලක් බදු මම වගේ.
ඌ ආයෙත් රැව්ව පාර මම වෙනුකයාට කැ ගැහුවා
හොදයි හොදයි ඕවා වැඩක් නැ වෙනුකයා රැප පටන් ගන්.එම්බල මනමාල මහතා - අදින් පස්සේ උබෙ අවසානය
මින් මත්තෙන් හොඳ කෑමක් - කන්න වෙන් නැ හෙට
නොයෙකුත් බැනුම් මැද ඉන්න වෙන්නේ ඉවසාලයි
වැඩ ඇරුනට පාටි බෑ දැන් - ගෙදර වරෙන් පහට
ප්‍රේමේ කල කාලෙ හමාරයිත් -හැන්දෑවෙ හැංගි කලුවරේ
අද පිරිවර හිතමිත්‍ර නැදෑ සනුහරේ
දෑවැද්දේ රැක් එකක් තියෙයිද
මූ ඇදුම් දැම්මේ දොරේවෙනුකයාගෙ රැප නැගලම යද්දි ඒකට ගැලපෙන්න මම අදි තාත්වික රංගනේකින් ඕවර් ඇක්ටින් දගලානා වුනේ හැමෝම සද්දෙට කෑ ගහද්දි. පන්තිය නිකන් දෙමලු පඩි ගත්තා වගේ. අපේ සෙට් එකම නැගිටන් හූ කියාගෙන කොසු අරන් කැ ගහන් බජව් දාන් නැටුවේ ලැබූවා වූ නිදහස සාමකාමිව සමරමින් කිව්වොත් වැරදි. සාමකාමි නැ බොලව් කවුද කිව්වෙ..