අම්මා ඔයාගේ කිරි දරුවා ගෙදර ආවා...කෝ අනේ අම්මා....
අම්මා.....
අම්මේ.....
අම්මෝ......
අම්මන්ඩියේ...
මම මගෙ බව්වා එක්ක හිටියෙ. උගෙ නම බ්රැන්ඩි. මූට තමා මම වෙච්ච හැමදේම ඇවිත් කියන්නේ. ඌ වෙලාවකට මට පුකද වගෙ මාව ගනන් ගන් නැතුව යනවා.ඒත් මම සැලෙනවද..කවදාවත් නෑ.උබෙ ප්රශ්න මටත් තෙරෙනවා වගෙ ලුක් එක්කින් ඌ මගෙ දිහා බලලා ගියේ මේ කැරි බල්ලා නම් දැන් එන්න එන්නම නරක් වෙනවා වගේ.
මොකද යකො කෑ ගහන්නේ ආපු ගමන් පොඩ්ඩක් ඉදපන් මම කාමරේ ඉන්නේ එන්නම්. මම දැන් ගෙදර ආවේ ස්කොලේ පේපර්ස් ටිකක් බලන්න තිබ්බා.ගෙදර ආවාමත් කනක් ඇහෙන්න නෑ. ස්කොලේත් කනක් ඇහිලා ඉන්න නෑ. ගැනූ ළමයිට ඉගැන්නුවාට යස්සනියෝ වගෙ ළමයි ඉන්නේ.උන් කොල්ලොන්ට වඩා නසරාණියි.තනිකර මාර දූවරු. අපෙ ගෙදර ඉන්න එකා ඔක්කොටම වඩා හපන් .මදැයි එකා යකා කියලා හැදුවා.
යසයි ස්කෝලේ නෝනා පවුලේ එකම දරුවට කතා කරන විදිය .හරිම අගෙයි හරිම අගෙයි අම්මන්ඩිගේ වචන හැසිරීම නම්...
ඔය තමා අපෙ මෑනියන් මට අමතන ආකාරය. වෙන වෙලාවට බලන්න එපැයි ගාන බටර් වැඩක් කරගන්ට එහෙම. මේවා හෙනම අසාදාරන වැඩ. මමමයි හැමතැනම හැමවෙලෙම හැමමොහොතෙම අසාදාරනයට ලක්වෙන්නෙ. මේවට නැගී හිටින්න ඕනේ මම නම් කියන්නේ. නැගී හිටින්නත් අත දෙන්න කෙනෙක් නැ නේ.මල්සරාටත් මාව මඟඇරිලද කොහෙද. මම කිව්වේ කොහෙ ගියත් මටමයි අනේ අසාදාරනේ.එපා...වෙනවා අප්පා..මට බනින්න පටන් ගත්ත එක අම්මා මැදදි අම්මගෙ ස්කොලේ නැට්ටිච්චියොන්ටත් බනින ගමන්ම පහලට ආවේ මම හතර ගාතේ දාලා සෝෆා එකට වැටිලා විරිත්තන් ඉද්දි අම්මා පස්සටත් රත් වෙන්න පාරක් දෙද්දි. මම මූනත් කුණ්ඩ හට්ටිය කරන් අම්මා දිහා බැලුවේ දැන් ඔය බැනිල්ල නතර වෙන්නෙ කොහෙවත් නැති තාත්තා ටත් බැනලා තමා..
ඉතින් අම්මා එකා යකා කියලා හැදුවෙ ඇයි. ඔයාලට තිබ්බා නේ මට තව නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ගේන්න.කොහෙද ඉතින් ඔයාලගෙ උවමනාව මදි.
අනේ ඇත්තද මා පුතේ. තව එකෙක් හිටියා නම් මටයි තාත්තා ටයි. නුවර වැවට පනින්න වෙයි ගලක් බැඳගෙන ඉන්න බූරුකඳ හදාගන්න බැරුව. පාඩුවෙ ඉදපන් සුදු පුතා.ආන් බත් බෙදලා තියෙන්නෙ කන්න ගිහින්..