_10 දිගහැරුම_

51 8 16
                                    

අහසම රිදවා කදුලු ඉල්ලගෙන
මම යන මඟ උන් නුඹ දැකලා...
ආඩම්බර හිත මොනවද මුමුනා
මේ ඇස් නුඹ ළඟ නතර කරා..

හිතුමතේ... ඇවිදින්..රැඳුනේ...
ආදරේ.....ඉල්ලලා.......
ඔය හිතේ... නැවතී... ඇහුවේ...
ආදරේ..... මටදෝ... කියා...

"අඩෝ මාර ලස්සනට උබ සින්දු කියනවා බන්.ඕන වෙලාවක් අහන් ඉන්න පුළුවන්.හැඟීම් එහෙම්ම පිටින් එළියට එනවා උබ sing කරද්දි. මාර ටැලන්ට් බන් උබ. මන් උබෙ හෙන රසිකයා හොඳේ..බොක්සිං ගැහුවට කමක් නෑ සින්දුත් කියපන්."

ඒ කිව්වෙ අපෙ පන්තියෙ ඉන්න උදාර පන්ති නායකයා හංසක.

"උබ ඕක කිව්වෙ සූකිරි කෑල්ලට නේත. ඌව මතක් කර කර වෙන්න ඇති මයේ හිතේ.පේම සයුරේ ගිලිලා හිටපු විදියට නම් වෙන එකෙක් වෙන්න බෑ..අම්මෙ ඉතින් පැනිකම. ඕන් පිහදගනින් බේරේනවා.උබ ඌ ගැන හිත හිත සින්දු කියනවා කියලා දන්නවා නම් ඌට උබ ගැන දුක හිතිලා උබ එක්ක යාලු වෙනවා බන්.ඌට ඕක කියලා දාපන් එක්කෝ.ඉවරනෙ වැඩෙ එතකොට.ඊට පස්සේ ඔය සින්දු කෑලි මූනටම කියන්න පුළුවන් නේ.මූණටම නෙවෙයි වුණත් ඉතින් ඕනෙම තැනකට මුමුණන්න පුළුවන් නේ"

"ඉතින් ආඩම්බරද බන් ඒ හිත. උබෙ ඇස් නතර වුනාද ඌ ගාව.කියපන්කො ඉතින් තනිකඩ අපිත් ආසයි ඒ feeling අහන්න. නතර වෙන්න නම් ඇති නේ ඒකනේ මේ දැහන් ගත වෙලා පැණි හිනාවක් දාන් සින්දු කියන්නේ.."

මම වෙනුකයාට රවලා අපි දිහාවට එන රවීනයා දිහා බැලුවා.

හැම හුස්මක ඇවිත් යන්න එන
ජිවීතේ වෙලා.....
මන් මගෙවත් නෙවෙයි කියා නුබ
මට මතක් කළා

සින්දුවේම ඉතුරු කෑල්ල කියාගෙනම අපි ළඟට ආවේ සත්‍ය ප්‍රේම හෘංග රාජ මහා රවීන් කුමරු.මම "මේ මොකද "කියලා වෙනුකයා දිහා බැලුවේ කට කොනට පොඩි හිනාවකුත් යන ගමන්.

"මේ අනික් උලම් රාජයා. තෝත් ගිහින් ඌගෙන් අහපන්. උබලා මරිසි දාන්න නම් ලෑස්තිවෙන්න එපා පුතෝ. උබලා දාන මරිසි මේ වෙනුක ට තෙරේනවා.උබත් මොකද පද මුමුනන්නෙ මූ වගේ. ගිහින් මූණටම අහපල්ලකො අප්පා. මගෙ ඇඟේ ලේ පුච්චන්නෙ ඇයි මෙහෙම.තොපි දෙන්නම නැත්තම් මගෙන් හොඳ පද අහගන්නවා. බේසාවෝ දෙන්නා. මල්සරා විඳලා නෙවෙයි දමලා ඇරලද කොහෙද. ඌට මට විදින්න අමතක වෙලා පර මල්සරා."

අර්ධ Where stories live. Discover now