සචින් pov
මායි වෙතුමුයි කැන්ටිමට යන්න ගියා විතරයි වෙතුම් නැගිට්ට පයින්ම කෙහෙල් ගහ වගේ කඩන් වැටුනේ ඌ හංගන් හිටපු අමාරුවටමයි.කොච්චර කතා කරත් ඇස් ඇරපු නැති නිසා බයටම ඌව සර් කෙනෙක්ගේ වාහනේ හොස්පිට්ල් එකට අරන් ගියේ මාත් ඌ එක්ක යද්දි. මම ඔක්කොටම වඩා බය වෙලා හිටියේ මූට සිහිය එන් නැති එකට.ඌට හොඳටම දාඩියත් දාලා ගැහුන නිසා අපි බයටම සික් රූම් නොදා කෙලින්ම හොස්පිට්ල් අරන් ආවේ ඒ හින්දමයි. ඩොක්ටර් නම් කිව්වෙ මේක panic attack එකක් කියලා.ඒ මදිවට මූ හරියට කාලත් නෑ ශක්තියක් කියලා නාමයක් ඇඟේ නෑ.මූට මේ සේරම වෙන්නේ අර කාලකණ්ණි වනචරයා හින්දා.ඕකා මැරිලා ගියා නම් එකක් මදාවියා.
ටික වෙලාවකින් සිහිය ආවාත් ඌ ඉන්නෙ හෙන අවුලෙන් කියලා තේරුණ නිසා මම මුකුත් කතා කරන්න ගියෙත් නෑ. ඌට කන්න දීලා බෙහෙතුත් බොන්න දීලා බෙහෙත් වලටම නින්ද යද්දි මම වෙතුම්ගෙ අම්මට කෝල් කරලා විස්තරෙ කිව්වා. අම්මා හොඳටම බය වෙලා. ඉක්මනට එන්නම් කියලා කිව්වා. ඒත් වෙතුම්ගෙ අම්මටත් මේකට කිසි දෙයක් කරගන්න බෑ නේ එයත් ඒකට දුක් වෙනවා මිසක් උත්සහවත් කරා නම්..
අද හවස විරාග් අයියා හම්බෙන්න කියලා කිව්වට වෙතුම්ට අද ඒක කරන්න කොහොමත් බැ.මම නෙහාන්ට කෝල් කරලා විස්තරෙ කියන්න හැදුවේ.උගෙ නම්බරෙ විතරයි මන් ගාව තියෙන්නෙත්.දැන් නම් ස්කෝලේත් ඇරිලා.දෙපාරක් ගත්තට ආන්සර් කරේ නැ මම තුන්වෙනි පාරට ගත්තෙන් පස්සෙ තමා ඌ ආන්සර් කරේ.
Ringing .....
"හෙලෝ බන්.."
"ඕ කියපන්. මොකද උබට මේ මාව මතක් වෙලා. නම්බර් එක වැඩද බැලුවද.මෙව්වා තාම හොඳට වැඩ මයේ කොල්ලො.කෝල් ගන්නවත් කවුරුත් නැති එකනෙ අවුල. ඕන් ඕක තමා පස්නේ ඉතින්."
"උබ මඟුලක් කියවනවා. වැල් බයිලා නෙ උබෙත්. වෙතුම් හොස්පිට්ල් ඇඩ්මිට් කරා ස්කෝලේදි faint වෙලා.සිහිය ආවේම නෑ. ඒක කියන්න ගත්තේ.උට පැනික් ඇටෑක් එකක් ඇවිත්."
"මොකක්. අඩෝ යකෝ ඇයි බල්ලො කලින් කිව්වෙ නැත්තෙ. කියපන් ඌට අමාරුවක් නැ නේද. දැන් කොහොමද ඌට"