_12 දිගහැරුම_

74 7 29
                                    

වෙතුම් pov

මම අද උදේ වෙච්ච සිද්ධි ඔක්කොම මතක් කරන ගමන් සචින් එක්ක හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා වැව රවුමට එන ගමන් හිටියේ.මට වුන දේවල් මතක් වෙලා කට කොනට හිනාවකුත් ආවා.ඇත්තටම පිස්සු කොල්ලෙක්....මෝඩ හිච්චි මයික් ටයිසන්..

ඒත් මම හැම පැත්තෙන්ම හිර වෙලා වගේ දැනෙනවා.මේ දවස් ටිකට හිතාගන්න බැරි විදියට මගෙ ජීවීතේ වෙනස් වෙලා.ඒ දුකක් නිසාද සතුටක් නිසාද කියලා තේරෙන් නෑ.

"මොකද මොකද උබ ඔය තනියෙන් හිනා වෙන්නෙ.සචින් ඇහුවෙ මන් දිහාවට රබර් ඇහ දාලා කින්ඩියට හිනාවෙන ගමන්.."

"පිස්සුද උබට.. මොන හිනාද?"

"අම්මෙ ඉතින් බන්.. කාටද උබ බොරු කරන්නෙ ...දැන්වත් පිළිගනින්. උබත් ඌට කැමතී බොල. මෝඩ උලමා.හර්ද සාස්සියට එකඟ වෙයන් මයෙ අම්මා"

"කැමති වෙන්න තිබ්බා බන් ගෙදරින් අර වගේ යෝජනාවක් ගෙනාවෙ නැත්තම්. මම බැරි වෙලාවත් විරාග් අයියට කැමති වුනොත් ඌට අරූ නිසා දුක් විදින්න වෙයිද කියලා මට බයයි බන්. මම නිසා පාඩුවෙ ඉන්න මනුස්සයෙක් මේ ප්‍රශ්න වලට ගෑවෙනවා මට බලන්න ඕනෙ නැ. බොරු කියන්න ඕනෙ නැ. මම පිළිගන්නවා.කෙල්ලෙක්ට වඩා මට ඌව දැනෙනවා බන්.මට ගෑනු ද- පිරිමි ද,කලුද- සුදුද, උසද -කොටද ,වැඩක් නෑ.මම නතර වෙන්නේ දැනුණු තැන. ඒත් මගෙ හිත එකම යුද්ධයක් බන් කෙහෙම්මල් ප්‍රපෝසල් මඟුලක් නිසා."

"උබ කියන්නෙ උබ ඌට උත්තරයක් දෙන් නැ කියලද. යකො ඌ බලාපොරොත්තුවෙන් ඉන්නෙ.අනික උබ හැසිරුනු විදියට අනිවා ඌ හිතන් ඉන්නෙ උබත් ඌට කැමති කියලා."

"මට තේරෙන් නෑ බන්.. ඌ ගාවදි ඉන්නෙ දැන් ඉන්න මම නෙවෙයි. මම දන්නවා විරාග් අයියටත් හිතෙන්න ඇති මම ඌට කැමති කියලා.ඒත් බන් කෙශාන් කියන්නෙ කොහොම එකෙක්ද කියලා මම උබට අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ. මම නිසා ඌට ......."

"අනෙ පගයෝ උබ හිතට එකඟව කතා කරපන්.ගඟක් වුනත් ඔහේ යන්නම් වාලේ ගලාගෙන යන්නෙ නෑ නේ.බාධක මැද්දෙන් ගලන ගඟ තමා ලස්සනට මුහුදට වැටෙන්නෙ. ආදරේ වුණත් එහෙම තමා.කරදර මැද්දේ දුවන ආදරේ හරි ලස්සනයි බන්.ඒක ගොඩක් ශක්තිමත්. උබ හිතලා බලපන්. මම උබට බල කරන් නැ. ඒත් පසුතැවෙන තීරණ ගන්න ලැස්ති වෙන්න නම් එපා පුතෝ.."

අර්ධ Where stories live. Discover now