-26-

13.1K 1.4K 530
                                        

පොත උඩට තොක් ගාලා වැටුන ලේ බින්දුව නිසා මම ෂේප් එකේ නහය අල්ලලා බැලුවා. පොඩි තෙතක් දැනුන නිසා අත ඉස්සරහට කරලා ඇගිලි දිහා බලනකොට-

"අයියේ!!!!! මං මැරෙන්නයි යන්නේ!!!!!"

අනේ බුදු සාන්තයෝ.. මං මැරෙන්න යන්නේ. නහයෙන් ලේ එනවා නේද මේ!! පිලිකාවක්ද? අපස්මාරේද? හෙම්බිරිස්සාවද?

"මොකද කුරුළු බෙරිහන් දෙන්නේ? වැඩක් කරගන්නත්- කෝ මොකද ඔය තමුසෙගේ නහය?"

අයියා අතේ තිබ්බ හැන්දත් බිම වට්ටලා දුවගෙන ඇවිත් මගේ බෙල්ලෙන්ම අල්ලලා මූණට එබුනා. ඊටපස්සේ හොදට හරව හරව ස්කෑන් කරලා එයා ඇදන් ඉන්න ෂර්ට් එකේම මගේ නහය අල්ලලා පිහලා දැම්මා. ඒ උනාට රිදුනා එහෙම කරද්දි. ඊටපස්සේ මේසේ උඩ තිබ්බ ටිෂූ එකක් අරන් රෝල් කරලා මගේ නහයේ ගැහුවා.

"දැන් ඇති ඔය පාඩම් කරා. ගිහින් නිදාගන්නවා මම පාන්දර ඇහැරවන්නම්"

"බෑ බෑ මේක ඉවරයක් කරන්නෝන"

මං ආයෙත් විද්‍යාව පොත අතට ගත්තා. සැක් පොත උඩ තියන ලේ බින්දුව තාම වේලිලා නෑ.

"කුරුළු උබ පණ්ඩිත වෙන්නේ නැතුව නිදාගන්නවා. තමුසෙට මං කියන දේ තේරේන්නැද්ද? දැන් සති දෙකක් තිස්සේ කියලා කියලම මගේ කටත් රිදෙනවා"

"ඇයි ඔයාට විතරද ලේ පෙරාගෙන පාඩම් කරන්න පුළුවන්? මේකට කියන්නේ ඉරිසියාව!! කුහකකම!! මං පොඩ්ඩක් හරි ඔයාට වඩා ලකුණු ගයි කියලා බයද?"

"අනේ මගේ කට"

අයියා ඇස් දෙක රවුමට රෝල් කරලා ගස්සලා පද්දලා යන්න ගියා. බලාගෙන හැලෙයි කියලා කියන්න ගිය එක ගිලගත්තේ හැදිපාර කන්න වෙයි කියලා.

ඇත්තම කිව්වොත් මේ ගෙවෙන දවස් ටික මට හරිම අලුත්. මොකද ඕලෙවල් එක්සෑම් එකට කලින් එන ලාස්ට් ටර්ම් ටෙස්ට් එකට හරියටම තව මාසයක් වත් නෑ. මං ඉතින් මට පුළුවන් උපරිමේ කරනවා කියලා වැඩේට බැස්සා. ඉතින් මේ වෙනකම් මං මූණ දීපූ දේවල් මටම හිතාගන්න බෑ.

මුල් දවස් දෙක තුනම මේසේ උඩ නින්ද ගිහින් තිබ්බ නිසා අයියා තමා මාව ඇදෙන් තියලා තිබ්බේ. එයාට උඩ ඇදෙන් මාව තියන්න බැරි නිසා යට ඇදේ තමා තියලා තිබ්බේ. මට නින්ද තමා තිබ්බ ලොකුම ප්‍රශ්නේ. පස්සේ බැරිම තැන මම වතුර දාපූ බේසමකට කකුල් දාගෙන වැඩ කරා. ටිකක් වැඩේ අල්ලලා ගියත් ඒකත් ලොකුවටම හරි ගියේ නෑ.

SURYAWARNA | COMPLETED ✔️Where stories live. Discover now