"ආ කොම්ලෝ... කෝ අර රෝස පාට හින්නි මලයා?"
"රෝසී අක්කගේ මල්ලි පොඩ්ඩ ගැනද අහන්නේ ළමයෝ?"
"අමෝ අමෝ ඒ නම ඇහෙනකොටත් බඩේ සමනල්ලු නටනවා මල්ලේහ්"
කෂ්මිර අයියා මාව අල්ලං බෙල්ල ගැලවෙන තරමට හොල්ලගෙන හොල්ලගෙන ගියා. එයා සාමාන්‍යයෙන් ආදරේ පෙන්නන්නේ හොල්ලලා. මං කිව්වේ බෙල්ල.
"රෝසීද?"
"හම්මෙහ් ඉතින් වෙන මොකක්ද?"
බලකෝ මේ යකාගේ පැණි හිනාව. මදැයි අයියා එනකම් පාළු කකා කකා ඉන්නකොට අහුවෙච්ච මිනිහා. ඉවරයි මගේ බෙල්ල.
"රෙදෙනවා!!! බෙල්ල!!!"
"කියපංකෝ ඉතින් කෝ ඒකා? දවසටම දැක්කේ නෑ"
"උට මොකක්ද මන්දා උණක් හැදිලානේ. ආන් දැන් මැරෙන්න ඔන්න මෙන්න"
මං ඉතින් වැඩිපුරත් එක්ක දාලා කියනකොට කෂ්මිර අයියගේ ඇස් දෙක උඩ ගියා. එහෙම තමා දෙයක් කියනකොට කියන්න ඕන ඇග රත් වෙලා මයිල් කෙලින් වෙලා යන්න. නැත්නම් අගයක් නෑ.
"අඩෝ අඩෝ මගේ මස්සිනා පොඩ්ඩට ගොඩක් අමාරුද දන්නෑ. එක්කෝ මාත් එන්නද උබත් එක්ක එහෙ යන්න. මොනා උනත් වන්දිතයා ඉන්නේ මගේ හදවතේ මෙතන"
කෂ්මිර අයියා එයාගේ පපුවේ පැත්තක් අල්ලලා පෙන්නුවා. මේ බොකුටු කොණ්ඩයාගේ තියෙන්නෙම ප්‍රෝඩාවනේ. ඇග විතරයි ලොකුවට. ඇතුල ඔක්කොම හිස්!
ඒ උනාට එහෙම එක්කන් යන්න බෑනේ. මෙයා දැන් නටනවා වැඩි.
"නෑ නෑ නෑ!! මං ඌව අද බලන්න යන්නෑ. අනික උට තියෙන්නේ අතිශය භයානක බෝවෙන උණක්. උබත් පාඩුවේ ඉදහන් අයියේ. මොනවහරි මගුලක් උනොත් හෙට අර ෆන්ෂන් එකේ ඩාන්ස් කරන්නේ මමද?"
"ආපෝ මාසෙකට වැඩිය ඒ මගුලට නැහුනා. ඒකත් හෙටින් ඉවරයි!! කොල්ලා නිදහස්. අනික ඒකේ මං නැටුවේ නැතත් මටත් එක්ක මගේ තාරකයා නටයිනේ මල්ලේ"
"ඒක අපි හෙට බලමුකෝ. මේ ඒක නෙවේ ඔයා දැන් ඇත්තටම රෝසි අක්කට කැමතිද?"
මට ඕක අහන්න ඕනකමක් තිබ්බා ඒත් මට වෙලාවක් තිබ්බේ නෑ. මොනා උනත් රෝසි අක්කා කියන්නේ මට මගෙම අක්කා වගෙනේ. මෙහෙමයි ඉතින් අහුවෙන පැත්තට දමලා ඇරියට එයා අපිට ආදරෙයි. ඒකනේ කට කැඩෙනකම් අපිට උගන්නන්නේ. ඒ නිසා එයාට වැරැද්දක් වෙන්න දෙන්න බෑ.

YOU ARE READING
SURYAWARNA | COMPLETED ✔️
Fantasy🚸 එච්චර හිතන්න එපා නිදහසේ කියවන්න (පොඩ්ඩක් හිතන්න..)