"මට බඩගිනි"
බ්රයන් කිව්වේ නිම්න, කලණ සහ එයාගේ අතිජාත මිත්ර තරුෂ දෙන්නත් එක්ක තවම බාත්රූම් එකෙන් එලියට ආවේ නැති මිතුන් ට එළියට එන්න හිතෙන්නේ නැති වෙන්නම බනින අතරේ, ඒ කාමරේට ඔලුව දාන ගමන්."බඩගිනි බං අපිටත් කොහෙද මේ අපේ යාලුවෙක් කියලා ඉන්න අපතයා නැගිට්ටෙත් දැන් නේ බං"
"මේ අහපන් බං. උඹට අපි හොඳ යාළුවෝ නෙමෙයිද? මම අහන්නේ උඹ ලංකාවේ හිටපු එකෙක් නෙමෙයි තමයි. ඒත් දැන් උඹට අපි සෙට් නැත්ද බං? ඇත්ත කියපන්"
කලණ ඇහුවේ මේ පැත්තකට වෙලා හිටිය, අදාලම නැති බ්රයන් ගෙන්."මට යාළුවෝ ඉන්නේ හතර දෙනයි. ඒ හතර දෙනාම මෙතන ඉන්නවා. මේ රූම් එකේ"
"අන්නේක තමයි බං මාත් කියන්නේ. අපිට යාළුකම කියන එක වටිනවා බං. උඹට උනත් අපි බොක්ක උනත් දෙනවා මචං එකේ ආයේ දෙකක් නෑ"
කලණ ගේ කටේ සද්දෙ වැඩි කියන දේවල් බාත්රූම් ඒකටත් ඇහෙන්න කියන්න ඕනේ නිසා."බලපන් සුද්දා උඹට අපි යාළුවෝ වුණාට මතක ඇති කලෙක ඉඳන් එක බත් පත කාපු උන් දැන් අපිව කපලා තියෙන්නේ බං"
"මොකක්ද අවුල?"
බ්රයන් අහන්නේ මුකුත් නොදන්න ගානට. දන්නවා කියලා මේ මිතුරු කැලට කිව්වොත් කට්ටියට නොකිය ගිහින් දෙන්න එක්ක බිව්වා කියලා බැනුම් අහන්න වෙන්නෙ දෙන්නටම."අවුල කියන්නේ බං බලපන් අරූ ඊයේ රෑ හොරාට කාමරෙන් ගිහින් තනියම ෂොට් එකක් දාලා එද්දී මහ රෑ වෙලා. ෆයිනල් කට උඩ තියං කරන වැඩක්ද බලපන්. එකත් තනියම. එකෙක් හරි දැකලා ඕක පත්තු කරානම් නටන්න තමයි වෙන්නේ මෙතන.බොන්න ඕනෙ කිව්වනම් ඕකට ඕනේ හැටියේ බොන්න ගෙනත් දෙනවා මැච් එකෙන් පස්සේ. ඇයි යකෝ"
"දැන් ඇති බං ඕක"
"ආහ් අවාද මූසලයා. තෝව දකිද්දිත් කේන්ති බං"
අනිත් අයට බාත්රූම් ඒකෙන් එළියට එන මිතුන් දැකලා කේන්ති ගියත් බ්රයන් ට නම් දැනෙන්නේ වෙනම මොනවදෝ දෙයක්. ටවල් එකත් ඇඳගෙන ඉන්න මිතුන් ගේ ඇස් දෙක දිහා පුරුදු විදියට බලන් ඉන්න නම් බ්රයන් ට අද තප්පර ගානක් වත් පුළුවන් වුණේ නෑ. මේ ජීවිතේ අවුරුදු 17 ක් පුරාවට ෂර්ට් එකක් නැතුව ඉන්න පිරිමි අය ගණන් කරන්න බැරි තරම් බ්රයන් දැකලා ඇති. ඒත් මෙහෙම හැගීමක් හිතට දැනෙන පළවෙනිම වතාව මේක.
