13 කොටස

367 44 1
                                    

"උඹ යන්නම ඕනෙද බං ඉතින්. අපිත් මෙහෙ නිදාගන්න එකේ හිටපන්කෝ"

"ඩ්‍රයිවර් ඉන්නවනේ කලණ පාරේ. එයාට කාර් එකේ නිදාගන්න බෑ නේ"

"හරි ඉතින් අපි අංකල් ට එන්න කියමු මේ ගෙයක් තියෙන්නේ මූට මාළිගාවක් වගේ මේකේ ඇදක් ලෑස්ති කරලා දෙන්න බැරි කමක් නෑ නේ මේ නිම්නයට"

"ගෙදරින් එළියේ ඉන්න මට පපා පර්මිශන් දෙන්නේ නෑ"

"උඹ ඉතින් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න ලංකාවේ ඉන්නවනේ බං. ඇයි ඉතින් උඹට එහෙම කොහේවත් යන්න දෙන්නේ නැත්තේ?"

දැන් දැන් කතාව හැරෙන්නේ බ්‍රයන් කතාකරන්න අකමැති පැත්තකට. එක අතකට යාළුවන්ට එහෙම හිතෙන එක සාධාරණයි. බ්‍රයන් ව එයාලා කොච්චර ළඟින් ආශ්‍රය කළත් බ්‍රයන් ගැන විස්තර මුකුත්ම කට්ටිය දන්නේ නෑ නේ. බ්‍රයන් ගේ ගෙදර තියෙන්නේ නිම්න ලා කලණ ලා ඉන්න පැත්තේ නෙවෙයි ඊට වඩා ටිකක් දුරින් නිසා ගෙදර තියෙන තැන ගැනත් යාළුවෝ දන්නේ නෑ. ගෙදර එකම යාලුවෙක් වත් තවම ඇවිල්ලත් නෑ.

"උඹලගේ තාත්තාට කියපන්කෝ බං අපි සුහච කීකරු ළමයි ටිකක්ය අපි එක්ක හිටියා කියලා අපි උඹව ගිලින්නේ නැහැයි කියලා"

පපා පපා කියලා කතාකරන්නේ තාත්තාට නෙමෙයි එයාගේ සීයට කියලා කියන එක බ්‍රයන් ට මේ හැමෝටම කියන්න ඕනේ උනත් ඒ වචන බ්‍රයන් ගේ උගුර අස්සේ හිර උනේ හරිම අසරණ හැගීමකුත් එක්ක.

"මම උදේ ඉස්කෝලෙ එනවනේ"

"හරි හරි බං ඉතින් ඒ වගේ නෙමෙයි නේ"

"අනේ මේ ඌට යන්න දීපන් පව් අර ඩ්‍රයිවර් අංකල් මේ ගෝතය නිසා ඒ මනුස්සයෙක් විදින දුකක්. අනික දැන් උඹලා මූව නවත්ත්ගන්න දත කෑවට තව විනාඩි දහයක් යද්දි පුක උඩ දාගෙන නිදාගනී"

"හරි දැන් ගියාට කමක් නෑ උඹ හෙට නම් අපි එක්ක ඉන්න ඕනේ හවුස් හදන්න රෑට. එකටනම් යැයි යැයි ගාගෙන එන්නෙපා බලෙන් තියාගන්නෙ බලෙන්"

"මම හෙට ඉන්නම් රෑ වෙනකම්"

"අන්නේම වරෙන් සුද්දා උඹට ආදරේ නිසානේ බොක්ක මේ සේරම"
තරුෂ කිව්වේ බ්‍රයන් ව බදාගන්න ගමන්.

1 1 9Where stories live. Discover now