45 වැනි මිනිත්තුව: තරඟයේ ප්රථම අර්ධයේ නිමාව.
ලකුණු:1:1
"අඩේ මම හිතුවේ නෑ ඕයි උන්ගේ මීඩ් ෆිල්ඩර් උන් ඔච්චර ස්කෝර් කරන්න ට්රයි කරයි කියලා"
"කමක් නෑ කලණයා උඹ සුපිරි සේව් ටිකක් බං කළේ අද"
"කෝච් කිව්ව වගේ බං අපි කොහොමහරි උන්ගේ ඩිෆෙන්ස් ලයින් එකෙන් බේරෙන්නයි ඕනේ. ස්කෝර් කරන්න ලේසි උන්ගේ ගෝලි එච්චර වැඩ්ඩෙක් නෙමෙයි"
"එහෙමම හිතන්න බෑ බං ඌ අලුත් උනත් ෆෝම් ඒකේ ඉන්නේ"
"මිතුන් උඹගේ ගෝල් එක පට්ට. බ්රයන් සුපිරියට ඇසිස්ට් කළා. අරුන් හිතුවේ නෑ නිම්නයා ඒ වෙලාවේ එච්චර හොඳට පාසින් කරයි කියලා"
"එල එල බං සෙකන්ඩ් හාෆ් දෙමු ගේමක්"
කට්ටිය රෙස්ට් කරන්න ආවේ විනාඩි ගානක් එහේ මෙහේ දුවපු මහන්සිය ගැන ගානක් වත් නැතිව. මෙච්චර තරඟකාරී ස්කුල් ටිම් එකක් එක්ක බ්රයන් ලා තරඟ කරන්නේ පළවෙනි වතාවට. ඒත් හොඳම දේ වෙන්නේ එච්චර තරඟකාරී මැච් එකක උනත් හැමෝම කථාවෙන්න තරම් දක්ෂ විදියට මෙයාලා සෙල්ලම් කරන එක.
"බ්රයන්, උන්ගේ සෙන්ටර් බැක් එකා උඹව ෆෝකස් කරනවා නේ හැම පාස් එකකදීම වගේ?" නිම්න බ්රයන් ළඟින් වාඩි වුණේ වතුර බෝතලේ කටේ ගහගෙන.
"ඔව්. හරිම ස්පීඩ් ෆුට්වර්ක් තියෙන්නේ"
"ඌ සුපිරියට ටැකල් කරනවා බං"
"අනේ බං උඹටත් කොල්ලෙක් පොඩ්ඩක් වේගෙන් එහා මෙහා දිව්වම ඒක ඇරෙන්න වෙන දෙයක් නෑ. බලපන් ඕයි අපේ සෙන්ටර් බැක් ට ගහන්න තව එකෙක් ඉන්නවද?"
තරුෂ ගේ උකුල උඩින් වාඩි වෙන ගමන් කලණ කිව්වේ නිම්න අතේ තිබුණු වතුර බෝතලේ උදුරගෙන වතුර බොන ගමන්."ඔව් ඔව් අපේ සෙන්ටර් බැක් ට ගහන්න කව්රුවත් නෑ තමයි මොකද ඌ නේ පිස්සු බල්ල වගේ වටේ පිටේ උන් සේරම වලියට ඇදගෙන උන්ට ගහන්නේ"
"අඩෝ මම එහෙම වලියට යන් නෑ බං. උන් තමයි මාව අවුස්සගන්නේ. නැගිටපන් ගෙම්බො තෝ බරයි"
"උඹට කවදා ඉඳන් ද කියපන් මං බරක් උනේ. යකෝ තව ටිකක් කල් යද්දී මූට මාව මලත් ගානක් නැතිවෙයි නේ"