2016 සැප්තැම්බර්
"අනේ මන්දා බං මේක නම් මට සිරාවටම ප්ලේ කරන්න හිතෙන් නෑ"
"පිස්සු කියවන්න එපා. මේක දින්නොත් ආයේ රෙකෝඩ් එකක් ගහන්නේ කෙලින්ම"
"ඒක තමයි හු** බය. දිනන්නේ නැති ඒක තමයි ප්රශ්නෙ"
"හරි හරි බං ඉතින් කලින් උන් දින්නේ නෑ කියලා අපිත් පරදියි කියලා කියන්න බෑ නේ"
"චොර වෙන්නම නේ අපි හැමදාම පැරදුනේ. හිතද්දිත් මොකක්ද වගේ ඕයි. අපි ජීවිතේට එහෙම මැච් පැරදුනු උන් නෙමෙයි නේ"
"අපෝ ඔය ඇඩියාව නාවත්තගනින්කෝ. දිනනවනම් දිනයි නැත්නම් ඒත් දිනයි"
"දිනයි ප**"
"හරි අඩු ගානේ මෙහේ ග්රවුන්ඩ් එකේ ගහන මේ ලෙග් එකේ චොර නොවී ඉමු. කොළඹදි මොනවා උනත් මොකද. මොකෝ අපේ අයියල ඔය කප් එක දින්නා කියලද නෑ නේ"
බ්රයන් මුකුත් කියන්නේ නැතුවම අනිත් අය කියන දේවල් අහගෙන හිටියේ කලින් අවුරුදු වල මේ කියන ට්රෝෆි එකට එයාගේ ඉස්කෝලෙ ටිම් ප්ලේ කළේ කොහොමද කියලා එයාට ලොකු අදහසක් නැති නිසා. ඒත් තව ටිම් එකකට මෙච්චර බය වෙන්න ඕනෙද?
"ඇයි ඒ ටිම් එක එච්චර හොඳ?"
"ඒක කොළඹ ඉස්කෝලයක් නේ සුද්දා. ලංකාවෙම හොඳටම ප්ලේ කරන උන් ඒ ඉස්කෝල වලට යනවා"
"මේකයි සමහර විට උන් අපිට වඩා හොඳට ප්රැක්ටිස් කරනවා ඇති. කෝචින් එහෙමත් හොඳම අයගෙන් නේ. මෙහෙමයි කියලා හේතුවක් දන් නෑ ඒත් හැමදාම උන් දිනනවා අපි පරදිනවා"
"ආහ්...."
මේ ගැන ගෙදර ගිහින් හෂෙන් ගෙන් අහන්න බ්රයන් හිතාගත්තා. මේ දවස් ටිකේම හෂෙන් බ්රයන් එක්ක කියවන්නේත් කොළඹ ඉස්කෝලේකට එන්න කියන එක. ඉස්කෝලෙ යන්න තව තියෙන්නේ එක අවුරුද්දයි. එක අවුරුද්දකට ඉස්කෝලෙ මාරු කරන්න කියන එක දැන් නම් හරිම මෝඩ ඉල්ලීමක් විදියට බ්රයන් ට දැනුනත් මල්ලි ගේ ඔය ඉල්ලීම පිටිපස්සේ ඉන්නේ පපා කියන එකත් බ්රයන් ට නොතේරුණා නෙමෙයි.
කලින් බ්රයන්ට එයාගේ පපා එක්ක තිබුණු දුරස් ගතිය මේ වෙද්දී ගොඩක් දුරට අඩු වෙලා තිබුණා. පොලිටික්ස් ගැන එයා එක්ක කතාකරන්න එපා කියන තැන ඉඳන්,පපා මට උදව්වක් කරන්න කියන තැනට යනකම් බ්රයන් ට යන්න සිද්ද වුණේ එයා නිසා මිතුන් කාගෙන්වත් කතා අහන එකට බ්රයන් ගේ තිබුණු අකමැත්ත. අඩුම තරමේ මිතුන් ගේ තාත්තාගෙන් වත්. ඒත් එක්කම මිතුන් ව එදා රණ්ඩුවෙනුත් බේරගෙන අතත් තුවාල කරගත්තට පස්සේත්, එයාගේ බැජ් එක නැතිවෙන එක නවත්තන එකත් නිම්නටම කරන්න වෙන එක ගැන බ්රයන් ගේ හිතේ තිබුණු අකමැත්ත.
