"මම ටිම් එකේ අය එක්ක මෙහෙමම යනවා අයියේ. ප්‍රක්ටිස් තියෙනවා නෙ දිගටම. මමා ට මම උදේ කියලා ආවේ. මැච් එක දවසට එන්න හොදේ අනිවාරෙන් අපේ ගෙදර."
කොච්චර කතා කරන්න එපා කියලා එක්ක ආවත් හෂෙන් ට නම් බ්‍රයන් එක්ක කියවන්න ගියාම ඉන්නෙ කොහෙද කියලත් සිහියක් තිබුනේ නෑ. හෂෙන් ගේ ටිම් එකේ කැප්ටන් එක්ක කතාකරන ගමන් හිටියත් මිතුන් ගේ ඇස් තිබුනේ නම් බ්‍රයන් දිහාට හැරිලා. අනිත් අයට නම් ලොකුවට මේ දෙන්නගෙ කතාව නෝට් වෙන්න තරම් සිහියක් තිබුනේ නෑ. මිතුන් එයාලා ඉන්න පැත්තට එද්දිම හෂෙන් බ්‍රයන් ට සැලියුට් එකක් ගහගෙන එයාගේ ටිම් එකේ අනිත් අය ලඟට දිව්වා.
"මොනවද එච්චර කියෙව්වෙ? ත්‍රෙට් කළා එහෙම නෙමෙයි නේද? මට ඔය ටිම් එක නම් ෂුවර් නෑ"
"නෑ ප්ලේ කරපු විදිය ඉම්ප්රෙසිව් කිව්වා විතරයි"
"හැබැයි ඇත්ත කියලා. වෙල් ප්ලේඩ්. මම කිව්වානේ අපි එහෙම පරදින්නේ නෑ කියලා. නෙක්ස්ට් ලෙග් එකේ නම් වින්නිග් ගෝල් එකක් ස්කො කරන්න ම වෙනවා"
"මිතුන් හිමින් ඇවිදින්න"
"ආහ්? හරි ඕකේ. ඇයි?"
"අනිත් අය ළඟට යන්න කලින් දෙයක් අහන්නම්"
"ගෝ ඕන්"
"ඔයා මට මැච් එක වෙලාවේ කතාකරද්දී.... මේ...... නෑ එක්කෝ ඕනේ නෑ"
"ආ ඒක. ඔයා කැමති නැත්නම් මම එහෙම නොකියා ඉන්නම්?"
"නෑ නෑ මම කැමැතියි. ඒත් මම ඇහුවෙ මම රශ් එකේ ඉමැජින් කරගනිපු දෙයක්ද කියලා ෂුවර් නැති නිසා. ඔයා කලින් මට එහෙම කතා කරලා නෑ නේ"
"ඒ වගේ දේවල් ගැනත් ඉමැජින් කරනවද?"
"ආහ්.... ඒක මේ.....හරි ඔයා මගේ ගැන දේවල් ඉමැජින් කරන්නේ නැත්ද?"
"අපෝ කරනවා"
"ඒකනේ ඒ වගේ තමයි. මොනවද ඔයා ඉමැජින් කරන්නේ?"
මිතුන් එයාගේ අතේ තිබුණු wrist ටේප් එක ගලවන ගමන් එයා එක්කම ලාවට හිනා වුණේ බ්‍රයන් ගේ ප්‍රශ්ණෙට කිසිම උත්තරයක් දෙන්නේ නැතුව.
"ඉමැජින් කරන දේවල් නැතුව මතක් කරන දේවල් කියන්නද?"
"හ්ම්?"
