06 කොටස

457 45 2
                                    

-2015 ජූලි-

"පළාත් තරඟ වල සෙමි ඇන්ඩ් ෆයිනල් තියෙන්නේ මාතර ලු බං"

"සනත් ජයසූරිය එකේ?"

"ඔව් ඔව්"

"අපේ එකක තියන්න තිබ්බනේ"

"යකෝ පළාත් කිව්වම උඹ හිතුවද ගාල්ල විතරයි අයිති කියලා. උන්ටත් චාන්ස් එකක් තියෙන්නෙපැයි"

"අපි සෙමි නම් අනිවා දිනනවා බං.උඹලා හිතන්නේ අනිත් knockout එකෙන් ෆයිනල් කවුරු එයි කියලද?"

"කලින් අවුරුද්දේ උන් ම තමයි බං. උන්ගේ ඇටැක් කෙසේ වෙතත් ඩිෆේන්ස් එක පිස්සුවක් නේ බං. අපිට හෙලවෙන්න වත් බැරි උනේ"

"ඒ ඉස්සර නේ බං දැන් අපේ ෆෝවර්ඩ් ඉන්නේ ආයේ සුපිරි වැඩ්ඩො තුන් දෙනෙක් නේ. "

"අනික උන්ගේ ජර්සිය අපේ පාටමයි බං එකපාරට අඳුනගන්නත් බෑ අපේ උන්ව"

"අනේ බං ඒ තැඹිලි පාට. උඹට කහ තැඹිලි පැටලෙනවට උන් මොනවා කරන්නද?"

"උඹලා මගේ හොඳ නේද කිය කිය හිටියේ"
නිම්න ඇහුවේ හති දාගෙන ග්‍රවුන්ඩ් එකට දුවගෙන එන ගමන්.

"එහෙමයි අනාගත හෙඩ් ප්‍රිෆෙක්ට් තුමනි. කෝ අදත් ඔබේ දකුණු අත පාසල් පැමිණියේ නැත්ද?"

"නෑ බං උන්ගේ නංගීට සනීප නැ ලු තාම" නිම්න කිව්වේ තරුෂ ට ටොක්කක් අනින ගමන්. 

"එයාට මොනවා වෙලාද?"
ඊයේ ඉඳන් හිතේ තිබ්බත් අහන්න තරම් ශක්තියක් නැති නිසා පැත්තකින් තිබ්බ ප්‍රශ්නෙ අන්තිමට බ්‍රයන් ගිහින් නිම්න ගෙන් ඇහුවා.

"එහෙම කිව්වේ නෑ බං. මම අහන්න ගියේත් නෑ. මම අද යනවා ඌට වීකෙන්ඩ් තිබ්බ ක්ලාස් වල නෝට් ටික දෙන්න. වරෙන් මාත් එක්ක යන්න"

"මම?"

"ඕ යමු එක හමාරෙන් පස්සේ"

"හවස ප්‍රැක්ටිස්?"

"අද උදේ විතරනේ බං හවස නෑ. කලණ කිව්වේ නැත්ද? මේ කලණයට නම් මේලෝකේ සිහියක් නෑ"

බ්‍රයන් මිතුන් ව අන්තිමට දැක්කේ ගිය සතියේ සිකුරාදා. දවස් හතරකට කලින්. ටිම් එකේ අනිත් අය හැමෝම බ්‍රයන් ට කිසිම වෙනසක් නැතුව සැලකුවත් ග්‍රවුන්ඩ් එකේදිත් ඉන්ටර්වල් එකේදිත් බ්‍රයන් ට දැනුනේ විස්තර කරන්න තෙරෙන්නෙ නැති හිස් බවක්.

1 1 9Where stories live. Discover now