20 කොටස

423 45 7
                                    

"අයියේ මේ පන්තියේ බ්‍රයන් කියලා අයියා කෙනෙක් ඉන්නවද?"

"ඕ ඕ, අඩෝ බ්‍රයන් උඹව හොයනෝ පොඩි එකෙක්"

අන්තිම පීරියඩ් එකේ ටීචර් ආවෙත් නැති නිසා ඩෙස්ක් එකට ඔලුව තියාගෙන හිටපු බ්‍රයන් ව පන්තියේ ළමයි ඇහැරුවේ, ඉස්කෝලෙ ඇරෙන්න ඔන්න මෙන්න තියලා හත වසරේ විතර ළමයෙක් බ්‍රයන් ව හොයාගෙන ආපු නිසා.

"අයියේ මේ මිතුන් අයියා කිව්වා යන්න කලින් පිටිපස්සේ ගේට් එක ලඟට එන්න කියන්න කියලා"

"ආහ් හරි"

උදේ ප්‍රැක්ටිස් වලදිත් දවල් කෑම කන වෙලාවෙත් බ්‍රයන් ආයේ මිතුන් එක්ක කතා කළේ නැහැ. ඒක ගැන අනිත් අයට ලොකු තේරුමක් තිබුනේත් නැහැ. ඒත් නිම්න නම් ඉන්ටවල් එක ඉවර වෙලා අත සෝදන්න යද්දි බ්‍රයන් ගෙන් මුකුත් ප්‍රශ්නයක්ද කියලා ඇහුවත් ඒ ගැන ආයෙම කතා කරන්න බ්‍රයන් ට වුවමනාවක් තිබුනෙත් නැහැ.

මිතුන් ඩියුටි කළේ පිටිපස්සේ ගේට් එක ළඟ. බ්‍රයන් ඉස්කෝලෙට ආවෙත් ගියෙත් ඉස්සරහ ගේට් එකෙන්. උදේ පාන්දරන්ම මිතුන් ට ගුඩ් මෝර්නිං කියලා හිත සතුටු කරගෙන ඉස්කෝලෙ එන්න බ්‍රයන් ට කොච්චර ලොකු වුවමනාවක් තිබුණත් එයාගේ ඩ්‍රයිවර් ගේ ට්‍රැෆික් ප්‍රශ්න, පාර්කිං ප්‍රශ්න එකී මෙකී නොකී ප්‍රශ්න නිසා එයාට ඉස්සරහ ගේට්ටුවෙන්ම ඉස්කෝලෙ එන්න සිද්ද වුනා. උදේ ප්‍රැක්ටිස් තියෙන දවසට නම් බ්‍රයන් ගේ මොර්නිං එක වැඩි මහන්සියක් නැතුවම ගුඩ් එකක් බවට පත් වුනා.

ඒත් අද එහෙම දවසක් නෙමෙයි. උදේ සිද්ද වුනු දේ නිසා බ්‍රයන් හිටියේ කණගාටුවෙන්. ඒකට හේතුව බ්‍රයන් ට එයාගේ අම්මයි තාත්තයි ආයෙම මතක් වුන එකම නෙමෙයි. මිතුන් එයා එක්ක කතා කළ විදිය. බ්‍රයන් ගේ හිතේ මිතුන් ගැන කැමැත්තක් තියෙන බව ඇත්ත. ඒත් ඒකෙන් කියවෙන්නේ නැහැ බ්‍රයන් දකින දකින හැම පිරිමි ළමයටම කැමති වෙන කෙනෙක් කියලා. තමන්ට හිතෙන දේ ගැන මිතුන් ගෙන් අහපු එක ගැනත් බ්‍රයන් ගේ හිතේ දැන් තියෙන්නේ පසුතැවීමක්. බ්‍රයන් ඒ ගැන මිතුන් ට කිව්වේ නැත්නම් අද මේ වගේ හිත් රිදෙන වචන හුවමාරුවක් වෙන එකක් නැහැ.
ගේට් එක ළඟ පැත්තකින් තියෙන පන්ති කාමරේ බිත්තියට හේත්තු වෙලා බ්‍රයන් මිතුන් දිහා බලාගෙන හිටියා. කොච්චර අව්ව තිබුණත් රස්නේ වුණත් මිතුන් හිටගෙන හිටියේ අත් දෙක පිටිපස්සට බැඳගෙන මූණ කෙලින් තියාගෙන.ඒ ඉන්න විදියට රොබෝ කෙනෙක් වගේත් පේනවා කියලා බ්‍රයන් ට හිතුනා. වැඩි වෙලා යන්න කලින් බ්‍රයන් ට අහක බලාගන්න වුණේ රොබෝ ගේ රේඩාර් එකට එයාගේ නෝක්කාඩු බැල්ම අහු වුණු නිසා. ටිකෙන් ටික ගේට් එකෙන් එලියට යන ළමයි ගාන අඩු වෙලා ගිහින් කවුරුත් නැති වෙද්දී මිතුන් බ්‍රයන් ඉන්න තැනට දුවගෙන ආවා.

1 1 9Where stories live. Discover now