16 කොටස

25 8 4
                                    

-2016 මාර්තු -

"අඩෝ අද මොකද පරක්කු?"

බෙල් එක ගහද්දීම ගේට්ටුවෙන් ඇතුලට දුවගෙන ආපු බ්‍රයන් ට උදේම සුබ පැතුවේ ගේට්ටුව ළඟ ඩියුටි කරපු කලණ. උදේ අවදි වෙලා කෑම උයද්දී බ්‍රයන් ගේ අත්තම්මා අද අසනීප වුණා. එයා දියවැඩියාව තියෙන කෙනෙක්. කොච්චර ගෙදර වැඩ කරන්න කෙනෙක් හිටියත් එයා බ්‍රයන් ට කෑම කාලා යන්න උදේම නැගිටලා උයනවා. ඒත් අද එයාට ඇගට අමාරු වුණා. ඩොක්ටර් ඇවිත් එයාට ඉන්සියුලින් ෂොට් එකක් දුන්නට පස්සේත් බ්‍රයන් ඉස්කෝලෙ එන්නේ නැතුව ඉන්න හැදුවත් අත්තම්මා එයාව බලෙන්ම ඉස්කෝලෙ එවුවා.

"මමා අසනීප වුණා. ඩොක්ටර් එනකම් ඉදලා ආවේ"

"අඩෝ ඒ මොකක් වෙලාද බං?"

"බ්ලඩ් ශුගර් ලෙවෙල් වැඩි වෙලා"

"අප්පටසිරි දැන් අඩුද ඉතින්?අඩෝ බුදුන් වඳිනෝ වගේ හිටපන් වයිස් පිනා එනවා"

"ඔව් දැන් අඩුයි"

බ්‍රයන් වඳින්න හදාගත්තු අත් දෙකෙන් කට වහගෙන උත්තර දුන්නා.

"සොරි බොක්ක අදනම් උඹව බේරන්න වෙන්නේ නෑ අරූ ඉන්නකන්. වැඳලා ඉවර උන ගමන් මම පැන ගන්නවා මෙතනින්. උඹ තණකොළ ගලවලා වරෙන් උඹ ඒවත් පුරුදු වෙන්නෙපැයි"

කිව්වා වගේම කලණ පිටිපස්ස නොබලාම එතනින් පැනලා දිව්ව විදියට නම් ඒ මෙච්චර වෙලා එතන ඩියුටි කළ ප්‍රිෆෙක්ට් කෙනෙක් කියලා කාටවත් හිතෙන්නේ නෑ. වයිස් ප්‍රින්සිපල් ගේ අණ පරිදි කට්ටියට තණකොළ ගලවන්න වුණත් බ්‍රයන් හිටපු තැන එයා දන්න කව්රුවත් හිටියේ නෑ. එහා පැත්තේ හිටපු හය වසරේ වගේ ළමයි දෙන්නත් බ්‍රයන් දිහා බල බල හිනා වුණත් වෙන මුකුත් කිව්වේ නෑ. මේ තනකොල ගලවන්නත් හරි අමාරු නිසා ඒ ළමයි දෙන්නට ඔරවන ගමන් බ්‍රයන් කළේ තව හයියෙන් තනකොල ගලවපු එක.

"බ්‍රයන් මාත් එක්ක ජිම් එකට යමු"

ඇති යන්තම් එතෙන්ට මිතුන් ආවා. ඒත් මිතුන් ගේ මූණේ තියෙන්නෙත් හරිම නෝක්කාඩු හිනාවක්. ගලවපු තණකොළ මිටියම පැත්තකට විසි කරපු බ්‍රයන් අත් සෝදන්නත් තැනක් නැති නිසා අත් දෙක ගසලා දැම්මා. ඒත් ඊට එහා පැත්තෙන් සර් තාමත් අනිත් පැත්තේ ළමයි තණකොළ ගලවනවා බලාගෙන ඉන්නවා.

1 1 9Where stories live. Discover now