34 කොටස

296 39 14
                                    

"ළමයි පැයක් දෙන්නම්...හරි එක හමාරක් දෙන්නම් කාලා බීලා බස් එකට නගින්න. විකාර කරලා නම් අහු වෙන්න එපා. පොඩි ළමයි නෙමෙයි නේ. නිම්න බලන්න හැමෝම ගැන"

"හරි සර්"

කෝච් සර් අනිත් පැත්ත හැරුණු ගමන් තරුෂ ගිහින් නිම්න ගේ කරට අතක් දාගත්තේ කුපාඩි හිණාවක් දාගෙන එහා පැත්තේ හිටපු ටීම් එකේ කොල්ලෙක් ට ඇහැක් ගහන ගමන්.

"ඔක්කෝටම එකට බෑ බං. අපි පස් දෙනා එකක් ගන්නම් උඹලා හත් දෙනා එකක් ගනින්. උඹලගේ දෙකක් ගහන් නෑ නේ?"

"නෑ බං උන් දෙන්න යද්දි බස් එකේ ඉස්සරහට දාමු. අපේ හෙඩාත් ක්ලීන් ඉදිවී නේ අද?"

"ඔව් ඌත් ඉස්සරහට දාමු. උඹලා කෑම ඕඩර් කරපංකෝ මම එවන්නම් ෂේප් එකේ. පේන්න නම් තියාගන්න එපා රත්තරනේ උඹලත් ගස් මාත් ගස්"

කලණ දැනටම වාඩිවෙලා හිටපු රෙස්ටුරන්ට් එකේ කොනේම තිබුණු ටේබල් එකෙන් බ්‍රයන් මිතුන් එක්කම ගිහින් වාඩි වුණේ එහා ටේබල් එකෙන් ටීම් එකේ අනිත් අය වාඩි වෙද්දී. මේ වෙනකන්ම නිම්න මිතුන් එක්ක කතා කළේ නැහැ. මහන්සියට බස් එකේ නිදාගෙන ආවා මිසක් ඒ ගැන ලොකුවට කට්ටියට ගානක් තිබුනෙත් නැහැ. කලණ කියන විදියට නම් ඒ දෙන්නා කලින් තරහ වෙනවා දැකලා නැති වුණත් වැඩි වෙලා දෙන්නම ඔහොම ඉන්න එකක් නැහැ.

"අරූ මොකද බං ඇත්තටම තරහ වුණේ"

"අනේ ප*, බ්‍රයන් මගේ නේ මම ගිහින් බලන්නම් උඹ ටීම් එක බලපන් කියලා, මූව හොයාගෙන දිව්වෙ මම ද? ඒ වෙලාවේ මම පුදුම වුණේ නැතිළු. ඒ නිසා උඹ ලවු එක මට කිව්වා ඌට කිව්වේ නෑ  කියලා ඔය නටන්නේ"

"මම එහෙමත් කිව්වද?"

"කිව්වා ගල් ආදෝ කිව්වා. උඹ ඇයි සිරාවටම ඌට ඕක කිව්වේ නැත්තේ"

"මම කියන්න තමයි හිටියේ. වෙලාවක් ආවේ නෑ"

"දැන් නලවපන් කෝ drama queen ව"

අනිත් දෙන්නත් ඇවිත් ටේබල් එකෙන් වාඩි වුණත් නිම්න නම් වචනයක් කියනවා තියා මිතුන් දිහා බැලුවේ වත් නෑ. ඒකටත් හරියන්න තරුෂ කෑ ගහන්න ගත්තා.

"දින්නා හු** දින්නා. අදනම් බොන්න ඕනේ දවසක්"

"හිමින් ඕයි"

1 1 9Where stories live. Discover now