-2017 පෙබරවාරි -
"අනේ තාම නෑ නේ බං. ආයේ කෝල් කරලා බලන්නද?"
"පොඩ්ඩක් ඉඳපන් ඒකි පියාඹලා එනවා නෙමෙයි නේ. විනාඩි දහයක් වගේ බලමු"
"හ්ම්. බලපන් සුද්දා විතරයි මේක සීරියස් අරන් ලස්සනට ඇඳන් ඇවිත් තියෙන්නේ. උඹලා නිකන් කොට කලිසම් කෑලි ඇදන් ආවේ ඩෙනිමක් දාගන්න තරම් මගේ මගුල වටින් නෑ උඹලට"
"මදුරුවො කනවා කියලා මමා එළියට යද්දි ෂෝට් අඳින්න දෙන් නෑ දැන්"
තරුෂ බකස් ගාලා හිනා වුණේ කලණ ගේ පිටටත් ගහන ගමන්. නිම්න දවස් ගානක් තිස්සේ ප්ලෑන් කරලා කරලා නිකිණි ගෙන් කැමතියි ද කියලා අහන්න තෝරගත්තු දවස. මිෂෙල් ව පාවිච්චි කරලා නිකිණි ව කැෆෙ එකකට ගෙන්නගන්න එක තමයි ප්ලෑන් එක. වෙනදා වගේම ගෘප් ක්ලාස් එක ඉවර වෙද්දි ශේප් එකේ අහන්න කියපු ප්ලෑන් එකට නිම්න පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ. ගෙවල් වලට බොරු කියලා නැටුමක් නටලා වැඩේ කරනකම් නිම්න ට නිවනක් තිබ්බෙත් නෑ.
"උඹ දැන් මෙහෙට ඇවිත් අවුරුදු කීයක්ද දෙකක් නේ? දෙකක් ඇතුලත ඩෙංගු හදාගත්තා කියන්නේ ගැම්මක්. හැබැයි තව පැපොල, ඇස් ලෙඩ හැදීලා අලියෙකුත් ගැහුවා නම් උඹ හදවතින්ම ශ්රී ලාංකික වෙනවා සුද්දා"
"අනේ ඌට පාඩුවේ ඉන්න දීපන් තරුෂ"
"ඒක නෙමෙයි බං. එයි නේද ෂුවර් එකටම"
"මොන බම්බුවක් ද ඕයි පොඩ්ඩක් කට වහන් ඉඳපන්. අපි හතර දෙනාම ඉන්නම ඕනද කියපන් මේකට දැන්. කකුල් දෙකත් රිදෙනවා"
"ඔව් උඹලා ඔතනින් හිටපන් හරිද. මට අතෙන්ට උඹලගේ කකුල් පේනවා. එතකොට අව්ලක් නෑ බය හිතෙන් නෑ"
"අපෝ උඹ අපේ හෙඩ් නේද? ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි ඕයි කෙල්ලෙක් ට බයේ දඟලන තරමට"
"බය නෙමෙයි බං බය නෙමෙයි. වැරදිලා හරි බෑ කිව්වොත්?"
"ඔය ඇඬිල්ල නවත්තගනින් මුලින්ම"
"ඌයි ගහන්න එපා බං ඇඟ පත රිදෙද්දී ගැම්මට ඉන්න වෙන් නෑ නේ. අඩෝ අද හිතත් රිදිලා නවතියිද?"
"උඹට හිත රිද්දගත්ත දවසක තේරෙයි ඇඟ පත රිදෙන එක දාහෙන් සම්පතක් කියලා"
