35 කොටස

381 43 23
                                    

"අයියා ක්ලාස් ගියා නේ. දැන් එන්න ඕනේ තාම නෑ නේ. ඔයා කෝල් කළේ නැත්ද?"

"එයා ෆෝන් එක සයිලන්ට් කරලා මම හිතන්නේ"

"ආහ් ඔව් ක්ලාස් ඒකේ නේ. එයා ඔය නිම්න අයියා එක්ක කොහේහරි යන්න ඇති. නිම්න අයියාගේ හරි රස්තියාදුව නේ. මම අයියා එද්දී පැණි කජු අයිස් ක්‍රීම් ගෙන්න කිව්වා. අම්මි ගෙනත් දෙන් නෑ මට සෙම කියලා. අයියා ගෙනත් දෙන්න බෑ බෑ කිවට ගේනව හොරාට. මම කූල් අඩු වෙනකම් ඉඳලා කනවා. අපරාදේ දැන් ඔයාට නෑ නේ. මගේ එක ඔයාට දෙන්නම්.එන්නකෝ ගෙට. කෝ මට දෙන්න මම තියන්නම් ෂුස් රැක් එකෙන්. අම්මී......මේ බ්‍රයන් අයියා ඇවිත්"

මිෂෙල් කියන දේවල් ඔළුවට දාගන්න කලින් එයා තව දේවල් හතරක් පහක් ම කියලා ඉවරයි. බ්‍රයන් එක්ක එච්චර ගොඩක් දේවල් එකපාර කතාකරන එකම කෙනා මිෂෙල්. බ්‍රයන් ගේ නංගි එච්චර ගොඩක් කතා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මිෂෙල් වගේම එයත් හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න පොඩි පොඩි දේවල් වලින් වුණත් ගොඩක් සතුටු වෙන කෙනෙක්. සමහර විට ඒ හේතුව නිසාම බ්‍රයන් ට මිෂෙල් ගේ තොරතෝංචියක් නැති කතාව කරදරයක් විදියට දැනුනේ නෑ.

"ඔයාට ඊයේ චෙක් අප් එකක් තිබුණා නේද. මොකද වුණේ?"

"ආහ් එයාලා බෙහෙත් අඩු කළා. දැන් ගොඩක් රිකවර් වෙලා කියලා තමා කිව්වේ. මටත් දැනෙනවා දැන් හොඳයි කියලා. ඒත් ඩස්ට් එකේ එළියේ ගොඩක් යන්න එපා කියලා තමයි කියන්නේ. මම ඉතින් යන්නේ නෑ නේ අයියා කොහොමත්. ඊයේ නම් අම්මි මාව ෂොපින් එක්ක ගියා හොස්පිටල් ගිහින් එන ගමන්. ඒත් අම්මි නෙමෙයි ෂොපින් යන්න හොඳම නිකිණි අක්කි. එයාට හොඳට මේක් අප් සිලෙක්ට් කරන්න පුළුවන්. මට නම් තාම බෑ නේ. මම ඔයාට පෙන්නන්නම් අපි ගෙනාපු දේවල්? ඔයා යන්නකෝ උඩට මම අම්මිගෙන් බොන්න දෙයක් ඉල්ලගෙන එන්නම්. ඔයා මයිලෝ වලට කැමතිද? නැත්නම් කොෆි? ජූස් නම් ඉවරයි මම හිතන්නේ අහන්න ඕනේ අම්මිගෙන්"

"කොෆි. මිල්ක් නැතුව"

"ආහ් හරී. බලන්න ඕනේ අපි හදපු ස්නැක් තියේද කියලා. මම ගේන්නම්"

බ්‍රයන් උඩට ගිහින් ලිවින්ග් රූම් එකට වෙලා හිටියේ ආයෙම මිෂෙල් එනකම්. ඒ අතරේ එයාගේ ඇස් ගියේ කොනක තිබුණු මිතුන් ගේ ඉස්සර කාලේ ෆොටෝස් වලට. ගොඩක් නොවුනත් මිතුන් ගේ ඉස්කෝලෙ ෆොටෝ, මිතුන් පොඩි කාලේ තරඟ වලින් දිනපු ෆොටෝ එකතු කරලා හදපු කොලාජ් එකක්, ඒ අතර නිම්න සහ මිතුන් එයාලගේ තාත්තලා දෙන්න එක්ක ඉන්න ෆොටෝ එකක් නුත් තිබුණා. පොඩි කාලේ වුණත් මුණේ නම් ලොකු හිනාවක් මිතුන් ගේ තිබුණේ නෑ. ඒකටත් හරියන්න නිම්න හිනා වෙලා හිටියා. තාත්තලා දෙන්නගේත් තරුණ නිදහස් පෙනුමක් තිබුණා. මිෂෙල් ගේ ෆොටෝ අතරේ තරඟ වලින් දිනපු එහෙමත් නැත්නම් ඉස්කෝලෙකදි ගනිපු ෆොටෝ මොනවත්ම තිබුණේ නෑ. ඒත් ලස්සන හුරතල් හිනාවක් එක්ක අයියාගේ අතේ එල්ලිලා ඉන්න ලස්සන ෆොටෝ එකක් ලොකුවට ෆ්‍රේම් කරලා තිබුණා.

1 1 9Where stories live. Discover now