දහවන හෝරාව

131 18 40
                                    





"එපා එපා ඔච්චර මිරිස් දාන්න එපා චූටා.."

"හා..හා..මේ ඇතිද.."

"ම්හු..මෙන්න මෙහෙම චූට්ටක් ගන්න හාද..."

"හරියෝ..."

මං ඉතින් හිනා උනා...ඇට්ටර කමට නෙවෙයි වැඩ...තා ටිකෙන් චූටි මහත්තයගෙන් මට තමයි බැනුම් අහන්න වෙන්නෙ මුලු මිරිස් කුඩු බෝතලේ ම මේකට හැලුව කියල...

අනේ...මේ කොල්ලා එක්ක කෑම හදන්න ගිහින් හති මට...අද උදේම තඩි බෑග් එකකට ඇදුම් වගේකුත් පුරෝගෙන කාර් එකකින් ඇවිත් බැස්ස චූටා නිසා මට වැඩ එක දෙක වෙලා තියෙන්නෙ දැන්...

නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලෙ ගිහින් සති දෙක තුනකින් ආයෙ මෙහෙ ඇවිල්ල එහෙ තනියෙන් ඉන්න බැහැයි කියල...ඕලෙවල් තුත් අත ලගම මේකට...ඒ උනාට පුදුම කඩි කුලප්පුවක් තියෙන්නෙ...පොඩි නෝනාට දස වද දීලා මෙහෙ ඇවිත් තියෙන්නේ මගෙන් හරි එයාගෙ ලොක්කයියගෙන් හරි පාඩම් අහගන්නම් කියල...පොඩි නෝනත් වදෙන් බේරෙන්න බැරි නිසා සති දෙකකට විතරක් කියල මෙහෙ එව්වා...ඒ ආපු වෙලාවෙ ඉදන් මේ ඇට්ටර පැටියගෙ වැඩේ මට වද දෙන එක...වද දෙනවා කියන්නෙ මම එහෙට යන කොට එහෙටයි..මෙහෙට යන කොට මෙහෙටයි මුලු  දවස තිස්සෙම මගේ පස්සෙන්...චූටා ආපු නිසා මං අදත් කැම්පස් ගියේ නැ...හෙට කොහොමත් නිවාඩු...අෂිනුවා කෝල් දෙක තුනක්ම අරන් හොද පදමට බැන්නා...

මොනා උනත් චූටත් එක්ක ඉන්න හැම තප්පරේම හිත හරි නිදහස්...ඉවරයක් නැති කරච්චලේ එක්ක මගේ වටේම දැවටි දැවටි ඉන්න කොල්ලා නිසා මට කිසි පාලුවක් නෑ...අද උදේ ඉදන් මෙහෙම තමයි...කොයි වෙලෙත් මගෙ පස්සෙන්...තාම අවුරුදු දෙකක තුනක පොඩි එකෙක් වගේ කරන වැඩ...හුරතල් බෝලයක් මේකනම්....
මගේම මල්ලි කෙනෙක් වගේ සමහර වෙලේට...සල්ලිකාර පවුල් වල තියෙන මාන්නෙ චුට්ටක්වත් ගෑවිලා නැති හරි අහිංසක කොල්ලෙක්...

මම කැම්පස් නොගිහින් හිටියට චූටි මහත්තයා නම් චූටා ආවත් එක්කම කොල්ලා එක්කවත් කතා කරන්නෙ නැතුව ගියා...කම්පැන එකක අයිතිකාරයෙක් කියල ඔච්චර
වැඩද අනේ...සමයන්...ඇති ඉතිම් බලන්න කට්ටිය...ඒකනෙ හැමදාම ලස්සනට ඇදගෙන උලන ඒවත් උලාගෙන යන්නෙ...හුම්...ඕන්නෑ මහ...

අවිනිශ්චිත හෝරා..Where stories live. Discover now