🌸 Chapter Nine 🌸

1.5K 300 37
                                    

Kooki's proves............

හීන කියන්නේ ඇත්තටම මොනවද??? සමහර අය කියන විදියට හීන කියන්නේ හැබෑ කරගන්න බැරි දේවල්..

සමහර අය කියනවා හීන කියන්නේ හැබැහින් සැබෑ කරගන්න බැරි දේවල් නින්දෙදි හීනයක් තුළින් හරි ලබාගන්න එකට කියලා..

තව කෙනකුට හීන කියන්නේ රෑට පේන උදේට අමතක වෙන නිකන්ම නිකම් ජීව විද්‍යාත්මක දෙයක් විතරයි.. මේ විදියට අර්ථකතන ගොඩයි..

හැබැයි මට මේ හැමදේටම වඩා හීන කියන දේ වෙනස්.. මට හීන කියන්නේ මගේ අතීතය.. ඒක සුළුපටු අතීතයක් නෙවෙයි ආත්ම ගානක් එහා තිබුණ අතීතයක්..

උදේ ඇහැරුණ ගමන් ඇඳට වෙලා කල්පනා කරේ ඊයේ දවස ගෙවුන විදිය ගැන.. ඉරිසියාව හිතේ හිර කරගෙන පැත්තකට වෙලා හොඳටම අඬලා ඉඳපු සරෝව මතක් වෙනකොටත් මගේ පපුවටත් මොකක්ද වෙනවා..

මැට්ටි.. හැමදේම හිතේ තියාගෙන බොරුවට දුක් විඳිනවා.. ඇත්තටම උදේ ඉඳන් හවස් වෙනකම් මට සරෝගෙන් තොර ලෝකයක් නැහැ නේද කියලා මතක් වෙද්දිත් මට පුදුමයි..

shooting අතරේ හම්බවෙන පුංචි ඉඩකදි එයා දිහා බලලා ඇස් හීනි කරලා හිනා වෙන්න.. කවුරුවත් ළඟ පාතක නැත්තම් ඒ පිරුනු දෙතොල් දෙකට හාදුවක් දෙන්න.. ඒ වෙලාවට චෙරි ගෙඩියක් වගේ රතුවෙන එයා දිහා ආදරේ පිරුනු ඇස් වලින් බලන්න මම හැමවෙලේම ආස කලා..

අපිට අපේ කියලා වෙලාවක් හොයාගන්න බැරි උනත් ලැබෙන පුංචි වෙලාවෙනුත් අපි අපේ ආදරේ විඳගත්තා.. මෙච්චර ඉක්මණට ඒ වගේම මෙච්චර තදින් එයාට බැඳීමක් ඇති වෙන්න අපිට ආත්ම ගානක අතීතයක්  තියෙන්නම ඕනි නේද කියලා මට හිතුණා..

මගේ කල්පනා ලෝකේ බිඳිලා ගියේ මගේ phone එකට ආපු call  එකක් නිසා..

" ඕහ් හ්යොන්ග් කියන්න.." මම කිව්වෙ ජුනී හ්යොන්ග් මෙච්චර උදෙන්ම මට කථා කලේ ඇයි කියලා හිතන ගමන්..

" ඕහ්... කුකියා.. මේ... ඔයා අද තනියම shooting වලට යන්න එපා.. සෙජින් හ්යොන්ග් එනගමන් ඉන්නෙ ඔයාව එක්කන් යන්න.. අරස්සෝ.." එයා එකදිගටම කියාගෙන ගියේ මට මොකුත් කියන්න ඉඩක් නොතියා..

" හ්යොන්ග්.. මොකක්ද වෙන්නේ ඇයි... මේ??" මම ඇහුවේ ඇඳෙන් බිමට පනින ගමන්..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now