🌸 Chapter Eighteen 🌸

1.4K 272 54
                                    


Kooki pov.......

අප හෙලන සුසුමන් හැරෙන්න හාත්පසම විහිදී තිබුණේ දැඩි නිහඬ බවකි. මා ඉදිරියේ පිටුපා සිටි ඇය වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙලන අයුරින් ඇය බිය වී ඇති බව මට වැටහුණි..

" මියන්නෙයෝ...." මා නැවතත් මාගේ කඩුව කොපුව තුළට දමමින් පැවසුවේ ඇය බියවැද්දීම ගැන මද කණගාටුවකිනි.

නමුත් ඇය ඇසුරු සැනින් ඇයගේ ඉණ ප්‍රදේශයෙන් ඇදගත් සිහින් එහෙත් තියුණු  කිණිස්සක් අතැතිව මා දෙසට හැරුණේ තියුණු බැල්මක්  හෙලමිනි. ඊළඟ මොහොතේ කිනිස්ස අමෝරා ගනිමින් මා වෙතට පැන පහර දීමට උත්සාහ ගත් ඇයගේ කිණිස්ස රැඳි අතෙහි මැණික් කටුව ළඟින් තදින් අල්ලාගත් මා මාගේ නිදහස් අත ඇයගේ සිහින් ඉඟ වටා යවා මාගේ පපුවට ඇයව තද කරගත්තෙමි..

සිදුවූ දෙය වටහාගැනීමට නොහැකිව මොහොතක් වික්ෂිප්තව සිටි ඇය මගේ දෑස් දෙස බැලුවේ කෝපයෙන් බව මට වැටහුණි.. අපගේ හදවත්හි වේගවත් ස්පන්දනය දෙදෙනාගේම ඇඳුම් අතරින් හොඳින් දැනුණෙන්නට විය.. ඒ දෑස් තුළ කදුළු බිඳු පිරී තිබුණු අතර නළල පුරා පැතිරී තිබුණු දහඩිය බිඳු ඇගේ කම්මුල් අගින් ගලාගොස් සිහින් ගෙල පුරා රටා මවමින්  තිබුණි.. කෝපය සහ ලැජ්ජාව මුසු වීමෙන් රතු වී තිබුණු ඇගේ සිනිඳු කම්මුල් මෙන්ම පිරිපුන් දෙතොල් මදක් විවරව තිබුණේ මාහට කල්පයක් වුව ඇය දෙස බලා සිටීමට හැකි රූපයක් මවමිනි.. ඉහළට ඔසවා බැඳ තිබූ ඇයගේ දිගු කළුවන් කෙස් කළඹ රැහැනින් මිදී නිදහසේ සුලඟට ලෙළදෙමින් තිබුණේ මගේ හදවත තවත් නොසන්සුන් කරමිනි.. අපගේ සුසුමන් එකිනෙකාගේ මුහුණේ ස්පර්ශවන තරමට අප ලංවී සිටියෙමු. මෙතරම් කලකට මා හට ළංවීමට කිසිඳු තරුණියකට නොහැකි විය.. මෙය මටද නවමු අත්දැකීමක් වූ බැවින් මා සිටියේ එය හිත පුරා විඳගනිමිනි..

"  මට අවශ්‍ය නැහැ ඔබට රිද්දන්න.." මා සෙමින් ඇයට පැවසුවෙමි..

ඇය නැවතත් මගේ ග්‍රහණයෙන් මිදීමට අසාර්ථක උත්සාහයක් ගනු ලැබුණි.. මා ඇයව වටයක් කරකවා ඇයගේ පිට මගේ පපුවට තද වන ලෙස අනෙක්පසට හරවාගතිමි.. මා ඇයඟේ බඳ වටා අත යවා තවත් මගේ ග්‍රහණය තද කෙරුවෙමි.. මේ වන විට ඇගේ අතින් කිනිස්ස බිම වැටී තිබුණු අතර ඇය වේගයෙන් හුස්ම ඉහළ පහළ  හෙලීමට පටන් ගැනුණි..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now