🌸 Chapter Twenty One🌸

1.3K 267 60
                                    

Kooki pov.....

පුරසඳ අඳුරු අහස් තලයම එළිය කර තිබුණේ  මෘදු නීල පැහැයක් හාත්පස පරිසරය පුරා විහිදුවමිනි... කොතෙකුත් ගමන් මහන්සිය ගතට විඩාව ගෙන දුන්නද හිත පුරා ඇඳුනු නොසන්සුන් සිතුවිලි මගේ නිදිබර බව පැහැරගෙන තිබුණි...

කුටියෙන් පිටත බිත්තියට පිට දී හිඳ සිටි මගේ වතට වැටුණු සඳ එලිය මගේ හදවතට එක්කලේ අමුතුම ශෘංගාරාත්මක හැඟීමකි.. ආහ්!! සරෝ!! මට ඔබව දෑසට දකින තුරු ඉස්පහසුවක් නැති තරම් ඔබ දනීනම්..
පසුගිය මාසයේ ජේජු දූපතට සිරකරුවන් රැඟෙන ගිය පසු නැවතත් මා චන්ග්වොන් වලට පැමිණියේ අද රාත්‍රිය උදාවන්නට හෝරාවකට පෙරය..

පුරා දෙමසක් මා ඇය නුදුටුවෙමි.. එය මට හැඟී ගියේ කල්පයක් මෙනි.. හෙට දිනයේදී මා ඇයව නිම්නයේදී හමුවීමට පොරොන්දු විය.. මේ රාත්‍රිය පුරාම මා නොසන්සුන් වී සිටියේ එබැවිනි..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මා නින්දට පිවිසියේ කෙසේදැයි මට මතකයක නොවීය.. උදෑසන අවදිවන විට මා සිටියේ කුටිය තුළය.. ඇඟට දැනුණ යම් බර ගතියක් නිසාවෙන් මා නිදාසිටි ඉරියව්වෙන්ම ආපසු හැරී බැලුවෙමි.. හ්යොන්ග්නිම්... ඔහු ඔහුගේ කකුලක් මගේ ඉණමතින් දමා මගේ පසෙකට වී තද නින්දේ පසුවිය.. මට සිනහවක් නැඟුනි... මා සෙමින් ඔහුගේ කකුල ඉවතට කර නැඟී සිටීමට උත්සාහ කලේ ඔහුගේ නින්දට බාධාවක් නොවන අයුරින් වුවද ඔහු අවදි විය..

" ඕ....හ්.. ඉරොනස්සෝ.." (wake up??) ඔහු ඇසුවේ තවමත් නිදිබර දෑස් හැරීමට උත්සාහ කරමිනි..

" නේ... හ්යොන්ග්නිම්?? ඔබද මා කුටියට රැඟෙන ආවේ??" මා ඇසුවේ ස්නානයෙන් පසු හැඳ ගැනීමට ඇඳුමක් අතට ගනිමිනි..

" ම්හ්... ඔබ ජේජු සිට පැමිණි බව දැනගත් වහාම මා ඔබ බැලීමටයි පැමිණියේ..." හ්යොන්ග්නිම් පැවසුවේ නිදිගැට කඩමිනි..

" ඕහ්.. මියන්නෙයෝ හ්යොන්ග්නිම්  ඔබ හමුවීමට නොපැමිණියාට.." මා පැවසුවේ කුටියෙන් පිටතට යාමට සූදානම් වෙමිනි..

" අනී.. ක්වෙන්චනා... ( no.. it's ok..)ඔබ කොහෙද යන්නේ..??" ඔහු ඇසුවේ කුතුහලය පිරි දෑසින් මදෙස බලමිනි.. මගේ කම්මුල් උණුසුම් වී ගියේ සරෝ සිහිවීමෙනි..

Cherry Blossom || JJK || BTS FF Series Tempat cerita menjadi hidup. Temukan sekarang