🌸 Chapter Seven 🌸

1.8K 348 50
                                    


Jimin's proves......

මද සුළඟට කඩා වැටුණු චෙරි මල් බිම් තලය සිප ගත්තෙ මලානික ලෙසය.. මා සිටියේ චෙරි ගසකට පිට දී අතීතයේ නිම් වළලු තුළ සැරිසරමිනි..

හදවතට දැනෙන වේදනාව වෛරයක් බවට පත් වීමට වැඩි කාලයක් ගත නොවු බව මා දනිමි.. ඒ අනුව මා සිටියේ වෛරයේ ගිනියම් බවින් හදවත පුරවාගෙනය..

අදට හරියටම වසරක්.. මාගේ හිතවතා... මාගේ සහොයුරා.. මාගේ යහළුවා.. ඔහුගේ අවසන් සුසුම් මේ චන්ග්වොන් වාතලයට මුසු කර අදට හරියටම වසරයි.. මගේ හදවත රිදුම් දුන්නේ ඔහු පිළිබඳ මතකයන් පෙළින් පෙළ මාගේ මනසේ ඇඳුන බැවිනි..

කලකට ඉහතදී චෙරි මල් නිම්නයට යනු ඔහුටත් මටත් ප්‍රේමණීය රඟ මඩලකි.. අප දෙදෙනා අපගේ ආදරණීයන් සමඟ තුරුළු වී මෙහි කොතරම් පෙම්බස් දොඩවන්නට ඇත්ද?? එහෙත් අද මා හට මේ නිම්නයම පාළුවට ගිය සොහොන් බිමක් වැනිය..

ඔහුගේ ලෙයින් වැකුණු ප්‍රාණය නිරුද්ධ ශරීරය තවමත් මෙබිමේ වැටී ඇති අයුරු මා හට මැවී පෙනෙයි.. එදා සිට අද දක්වා සෑම දිනකම මා මෙහි පැමිණියේ ඔහු වෙනුවෙන්.. මාගේ ආදරණීය සොහොයුරා වෙනුවෙන් මා වෙත පවරාගත් පළිගැනීම පූර්ණය කිරීමටයි..

අහස් තලය පුරාම රටා මවමින් විදුලි එළි දැල්වූයේ අනෝරා වැස්සකට පෙර නිමිති කියමිනි.. චෙරි මල් නිම්නය අඳුරින් ගිල ගැනීමට තව තිබුණේ හෝරා කිහිපයක් පමණක් බව මට වැටහුණේ තුරු සෙවනැලි වැටී තිබුණ දිශාවෙනි..

මාගේ දැහැන බිඳිමින් මෙන්ම මාගේ බලාපොරොත්තුව සඵල කරමින් ඇය සෙමින් සෙමින් චෙරි මල් නිම්නයට පැමිණියේ ඒ මොහොතේදීය... නැවතත් මාගේ හදවතේ ගිනිදැල් ඇවිලී ගියේ ඇය තවමත් මේ භූමිය තුළ අපූරුවට සක්මන් කරනු දකින්නට ලැබුණු නිසාවෙනි..

ඊළඟ නිමේෂයේදී මා අසිපත අමෝරා ගනිමින් ඇය වෙත කඩා පැන්නද ඇය ඉතා දක්ෂ ලෙස එම අසිපත් පහර වළක්වා ගත්තේ ඇගේ අසිපත ලෙලදවමිනි.. මාගේ මනසට මොහොතකට ඔහුව සිහිවුනි.. අප බොහෝ වේලාවක් සටන් කළෙමු.. මා සිටියේ මාගේ අවස්ථාව ලැබෙන තුරුය..

නමුත් ඊළඟ මොහොතේ දී ඇය ඇගේ අසිපත බිමට හෙලුවේ මා දෙස කදුළු පිරි දෑසින් බලමිනි.. සැබවින්ම ඇයගේ දෑස පිරිමියෙකුගේ හදවත සසල කිරීමට තරම් මනරම් විය.. ඔහු රැවටුනේ මේ දෑසටයි.. ඔහු ජීවිතය අත්හැරියේ මේ දෑසටයි..

Cherry Blossom || JJK || BTS FF Series Opowieści tętniące życiem. Odkryj je teraz