🌸 Last Chapter 🌸 (2nd Part)

1.6K 251 35
                                    


Kookie POV...

තමන් ආදරය කරන කෙනෙක් හිතින් වගේම ගතිනුත් විඳවනවා දැකලා තියෙනවද?? කොහොමද ඒ හැඟීම දැනෙන්නෙ?? මටනම් හරියට ඒක දැනුණේ හදවතට පිහිතල දාහක් කිදා බැස්සුවා වගේ වේදනාවක් විදියට.. සරෝ තාමත් දුක් විඳිනවා.. ඒ දුක නැති කරලා එයාව සතුටින් තියන්න මම ඕනිම දෙයක් කැප කරන්න ලෑස්තියි.. ඒත් අවාසනාවට සමහර වේදනාවන් තියෙනවා අපිට බෙදාගන්න බැරි.. එයා විඳවන හැම වෙලාවෙම මමත් හිතින් විඳෙව්වා.. හැම මොහොතකම මම මිමිණුවෙ තව ටිකයි.. තව ටිකයි සරෝ.. තව ටිකක් ඉවසන්න කියලා..

සාක්ෂි කූඩුවට වෙලා වෙවුලන අතින් වැට අල්ලගෙන කඳුළු බේරමින් ඉඳපු සරෝ දිහා මට බලන් ඉන්න පුලුවන්කමක් තිබුණෙ නැහැ.. එයා හිටියෙ හරි අසරණ විදියට හිතින් ලොකු අරගලයක යෙදෙමින්.. ඒ වෙලාවේ මට එයාව අරගෙන කොහේ හරි ඈතකට ගිහින් හැංගෙන්න හිතුනා.. කිසිම බාධාවක් කරදරයක් නැති අපේම ලෝකෙකට තනිවෙන්න ඕනි උනා.. හරියට අපි නිම්නයෙ හිටියා වගේ...

වේදනාව හිරකරගෙන උනත් සරෝ ලෝයර් අහපු හැමදේකටම හොඳට උත්තර දුන්නා... මට දැනුණෙ කාලය එකතැන නැවතිලා වගේ.. සාක්ෂි විභාගය අවසානයේ මගෙ හිතට දැනුණේ පුදුමාකාර සහනයක්.. මම බැලුවෙ සාක්ෂි කූඩුවෙන් හිමිහිට බහින්න හදන සරෝ දිහා.. එයා හොඳින් නෙවෙයි කියලා එයා දිහා බලපු එකම එක බැල්මකින් මට තේරුණා.. මම පුළුවන් තරම් ඉක්මණට එයා ඉඳපු තැනට ගියා.. තප්පරයක්වත් ගත වෙන්න කලින් සරෝ මගේ අත් දෙකට කඩා වැටුණෙ මාව තවත් අසරණ කරමින්.. ආගන්තුක බයකින් හිතම වැහිලා යද්දී මම එයාව අරගෙන rest room එකට ගියා.. ජිමින් හ්යොන්ග්නුත් මගෙ පස්සෙන්ම ආවේ කලබලෙන් වගේ..

Rest room එකට ගිහින් මම එයාව ඇඳෙන් තියලා ජිමින් හ්යොන්ග් මගෙ අතට දීපු වතුර බෝතලෙන් වතුර ටිකක් අරගෙන එයාගේ මූණට ඉස්සා.. හිමි හිමින් ඇසිපිය ගැහුවාට එයා තාමත් හිටියෙ ඇස් පියාගෙන.. මම සැනසුම් සුසුමක් හෙලුවා..

" කුකී මම ඩොක්ටර් කෙනෙක් එක්කන් එන්නද??" ජිමින් හ්යොන්ග් ඇහුවේ දුකෙන් වගේ..

" අපි බලමු හ්යොන්ග්.. එයාට එකපාරටම මේ දේවල් දරාගන්න බැරි වෙන්න ඇති.." මම කිව්වෙ සරෝගෙ අත අරගෙන හිමිහිට පිරිමැදලා උණුසුම් කරමින්...

Cherry Blossom || JJK || BTS FF Series Donde viven las historias. Descúbrelo ahora