Jimin's prove.......මූසල අඳුර මැදින් පාළුවට ගියපු වීදි දිගේ ටේහ්යොන්ග්, සුගා හ්යොන්ග් සහ මම වාහනය සීරුවට අරන් ගියේ ඇස් මානයට කුකීගෙ වාහනය හමුවේවි කියන බලාපොරොත්තුවෙන්.. වෙලාව පාන්දර 1.30 යි... මගේ හදවත ගැහෙන වේගය එන්න එන්නම වැඩි වුනා වගේම මගේ හිත විවිධ සිතුවිලි වලින් පිරිලා තිබුණා.. මම තදින් මගේ නළල මිරිකුවේ තවත් මේක දරාගන්න බැහැ කියලා මට දැනෙද්දි..
ටේහ්යොන්ග් පවා යටි තොල සපමින් සිටියේ එයත් හිටියේ හොඳටම නොසන්සුන් බවින් කියලා අඟවමින්..
සුගා හ්යොන්ග් හිටියේ පිටිපස්සට වෙලා දිගටම වටපිටාව බලමින්..මගේ phone එක ring වුණ නිසා මොහොතකට පාර දෙසට යොමු වෙලා තිබුණ අපි හැමෝගෙම අවධානය බිඳිලා ගියා..
" ඕහ්... හ්යොන්ග්... ඔයාලට එයාව හම්බවුණාද???" මා ඇහුවේ ජුනී හ්යොන්ග්ගෙන්..
" අනියෝ.. ( no..) අපිත් තවම බලනවා.. ඒත් මට හිතෙන්නෙ ඔයා හරි ජිමිනා.. ඔයාලා එතනට යන්න අපිත් එන්නම්.. නිකරුණේ නාස්ති කරන්න කාලයක් නැහැ අපිට.." එහා පසින් ඇසුන ජුනී හ්යොන්ග්ගේ කටහඬ තීරණාත්මක වුණා.
" හ්ම්.... අපි එතනට යනගමන් හ්යොන්ග්... ඔයාලත් එන්න.. " phone එක තියලා මම දිගු හුස්මක් හෙලුවා.
" මොකක්ද ජුනී හ්යොන්ග් කිව්වෙ??" ටේහ්යොන්ග් ඇසුවේ මගේ දිහා බලාගෙන..
" අපි ඉක්මණටම එතනට යමු... කුකී එතන තමා ඇත්තෙ මට හොඳටම විශ්වාසයි..." මම කිව්වා.. ලද අවසරයෙන් ටේහ්යොන්ග් වාහනයේ වේගය වැඩි කලා..
" අපිට කලින්ම එතනට යන්න තිබුණෙ.." සුගා හ්යොන්ග් කිව්වෙ දිගු හුස්මක් හෙලන ගමන්..
කුකී drom එකේ නැහැ කියලා දැනගත්තට පස්සේ අපි එක දිගටම එයාගේ phone එකට call ගත්තත් අපේ බලාපොරොත්තු බිඳ දමමින් එයා phone එක එයාගේ room එක ඇතුළෙම දමලා ගිහින් තිබුණා..
මගේ නිගමනය වූයේ කුකී සරෝ හම්බවෙන්න හොජුන්ග්ගේ ගෙදරට යන්න ඇති කියලා වුනත් ජුනී හ්යොන්ග් ඒක ප්‍රතික්ෂේප කරේ කුකී ඒතරම් අනුවණ වැඩක් නොකරාවි කියන විශ්වාසයෙන්..
අපි අපේ වාහන දෙකෙන් පාර බෙදාගෙන කුකී හොයන මෙහෙයුම පටන් ගත්තේ ටේහ්යොන්ග් , මම, සුගා හ්යොන්ග් එක වාහනයකත් ජුනී හ්යොන්ග් හොබී හ්යොන්ග් සහ ජින් හ්යොන්ග් එක වාහනයකටත් බෙදිලා ගිහින්.. පැය බාගයක් විතර ගෙවලා අන්තිම මොහොතේ ජුනී හ්යොන්ග්ගේ තීරණය වුනෙත් හොජුන්ග්ගේ ගෙදරට යන එක හොඳයි කියලා...
YOU ARE READING
Cherry Blossom || JJK || BTS FF Series
Fanfictionආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය...