🌸 Chapter Twenty 🌸

1.2K 248 31
                                    


Kooki pov....

රාත්‍රී වීදිය පුරා මිනිසුන් එක පොදියට රැස්වී සැනකෙළි සිරිය විඳිමින් සිටියේ සිනහමුසු මුහුණිනි.. දසත විහිදුනු සීතල සුළඟත් සමඟ විහිදුනු මෘදු deungnamu මල් සුවඳ (wisteria flower) මසිතට ගෙන ආවේ නැවුම් බවකි. තැබෑරුමටවී සිටි මා සෙමින් සෙමින් කිරි පැහැති මක්ගොල්ලි (Makgeolli) පානය කලේ අවට රැස්ව සිටි මිනිසුන්ගේ චර්යාවන් දෙස බලමිනි.

" නෝ..... නෝ..... නප්පම්නොමා...(you... @#$#) ආයිෂ්!!!!" මා ඉදිරියේ සිටි හ්යොන්ග්නිම් මදෙසට ඇඟිල්ලක් දිගු කොට පැවසුවේ වෙරිමතිනි..

" හ්යොන්ග්නිම්... ඔබ අද වෙනදාටත් වඩා මත්වෙලා.." මා පැවසුවේ සිනහ වෙමිනි..

" යාහ්.... නෝ... මට තාමත් ඒක අමතක කල නොහැකියි ජියොන්.. ඔබ ඇයි එසේ කලේ?? ආහ්... මා සිටියේ තද නින්දක බව සත්‍යයක්.. නමුත් නන්නාඳුනන කෙල්ලක හා මා නිම්නයේ තනිකර යාමට තරම් ඔබ අකාරුණික වුණා.. මා ගොරවමින් නිදා සිටි අන්දම ඇය නිසැකවම දකින්නට ඇති.. යාහ්.. මා කෙලෙසද ආපසු ඇයට මුහුණ දෙන්නේ.." හ්යොන්ග්නිම් නැවතත් මේසයට කඩා වැටුණේ තවත් යමක් මුමුණමිනි..

මා නැවතත් හඬ නඟා සිනාසුනේ අද උදෑසන නිම්නයේ සිදුවීමෙන් පසු ඔහුගේ මුහුණ වෙනස්ව තිබූ අන්දම සිහි වීමෙනි.. මා සරෝ සමඟ ඇවිදීමට ගිය පසු තද නින්දක පසුවූ හ්යොන්ග්නිම් මද වේලාවකින් ඇහැරී සරෝගේ යෙහෙළිය හෙවොනා දැකීමෙන් මහත් ලැජ්ජාවට පත්ව තිබුණේ ඔහු නිදිසුවයෙන් සිටීයදී කෙසේ හැසුරුණේද යන්න ඔහුටවත් සිතා ගැනීමට නොහැකි වූ නිසාවෙනි.
මඟදිගට එනතෙක් මැසිවිලි නැඟූ ඔහු නැවතත් ඒ පිළිබඳව දෙඩවීමට පටන් ගත්තේ තැබෑරුමට පැමිණ මත්වීමෙන් පසුවයි..

මද වේලාවකින් හ්යොන්ග්නිම් තද නින්දකට වැටුණෙන් මාළිගයට පිටත් වීමට සුදුසු කාලය බව මට වැටහුණි.. ඔහුව ඔසවාගත් මා හෙමින් මාළිගයේ පිහිටි මගේ කුටියට ඔහුව රැගෙන ගියෙමි.. තවමත් ඔහු මොනවාදෝ මුමුණමින් සිටියේ අඩ නින්දෙනි.. මා මුවඟට සිනහවක් නැඟුනි.. කාලයක් නාට්‍යාංගනාවකට පෙම් කෙරූ ඔහු ඇයගේ චපල බව හමුවේ බොහෝ වේදනා වින්ඳේ නැවතත් කිසිම දිනක ආදරය නොකරන බවට ශපථ කරමිනි.. මා හට ඔහු ගැන කණගාටුවක් ඇති වූ අතර ඔහුගේ අනාගතය පිළිබඳ බියක්ද ඇති වුණි.. ඔහුගේ කෙහෙරැලි අතර ඇඟිලි ගෙනගිය මා දිගු සුසුමක් හෙලුවෙමි..

Cherry Blossom || JJK || BTS FF Series Donde viven las historias. Descúbrelo ahora