~ පෙරවදන~

2K 173 14
                                    

ටේහ්‍යොන්ග් P.O.V

තමන් ජීවත්වෙන මේ නපුරු ලෝකය ගැන අංශු මාත්‍රයක් වත් නොදන්න අවුරුදු 9 ක පුංචි ළමයෙකුගේ කතාව.....

එදා ගිම්හානයේ තවත් එක උණුසුම්  උදයක්..

මම පුරුදු විදියටම ඉස්කෝලේ ගෙනියන්න පොත් බෑග් එක අස් කරන් එක පිම්මට අඩියට දෙකකට පහලට දුවගෙන ආවේ ස්කූල් බස් එක ඇවිත් කන් දෙපලු කරන් යන තරමට හෝන් කරන්න ගත්ත නිසා.. කොච්චර හදිස්සි වුනත්.. ස්කූල් බස් එක කොයිතරම් හෝන් කරත් මගේ ඔම්මගෙන් උදෙන්ම ආදරේ පුරෝලා  ලැබෙන කිස් එක මම කිසිම දවසක  මිස් කරගන්නේ නෑ.. බස් එකේ මරලතෝනියත් එක්කම මම පිම්මේ දුවගෙන ගියේ ඔම්මව හොයන් කුස්සියට.. තවමත් උය උය හිටපු ඔම්මා මගේ අඩි සද්දෙටද මන්දා දුම් දදා බැදෙන චිකන් ටිකෙන් මගේ දිහාවට ඇස් ගෙනාවා. ඒත් එක්කම ඇස් පිල්ලමක්වත් ගහන්න නොදී මම ඔම්මගෙ තුරුලට පැන්නා. වැටෙන්න නොදී  ඔම්මගෙ අත් දෙකට  මාව මැදි කරන් ‍මගේ කම්මුල් වලට ආදරෙන් හාද්දක් දෙද්දි  ඉබේටම මගේ  මූණේ හිනාවක් ඇඳුනේ මටත් හොරෙන්..

බායි.... එහෙම කියලා ඔම්මට අත වනාගෙනම මම දුවගෙන ගිහින් පස්ස නොබලම ස්කූල් බස් එකට නැග්ගා.

වෙනදා වගේම මම අදත් යාලුවෝ එක්ක  සන්තෝසෙන්  ආසාවෙන් පන්තියේ වැඩ කරා. මම හරිම ආසයි ඉස්කෝලෙ යන්න.. යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න.. චිත්‍ර අඳින්න.. නටන්න.. සින්දු කියන්න...  ඒත්.. මම එහෙම හිටපු අන්තිම දවස එදා වෙයි  කියලා මට එදා  නිකමටවත්  හිතුනේ නෑ..😔

ඉස්කෝලේ  තිබුන දුවන තරඟෙකින් දිනලා මට හම්බුන කප් එකත් තුරුලු කරන් මම ඉස්කෝලේ ඇරිලා ඉස්පාසුවක් නැතුව ගෙදර දුවන් ආවේ ඔම්මට විස්තරේ කියන්න. ඒත් මං ගෙදර එනකොට ඔම්මා පේන්න හිටියේ නෑ.. ගේ වටේටම ගියා..  දොරට තට්ටු කරා.. ජනේල් වලට ගැහුවා.. මම පිටිපස්සේ දොර ලඟටත් ගිහින් බැලුවා.. ඔම්මා.. ඔම්මා.. කියලා යටිගිරියෙන් කෑගැහුවා.. ම්ම්හු... ඒත් අම්මා පේන්න හිටියේ නෑ... ඔම්මා එහෙම මට නොකියා කොහෙවත් යන්නෙත් නෑ.. 'ඔම්මා නැත්තන් අප්පා හරි ගෙදර එනවනේ.. අනික ඔම්මා හොඳටම දන්නවා මං ඉස්කෝලෙ ඇරිලා එන වෙලාව.. ' ඔය විදියට දාහක් දේවල් කියල මගේ හිත කෑගහද්දි එකපාරටම කොහෙන්දෝ  එතනට එහා ගෙදර අන්කල් ආවා. කල්ප්නාවක හිටිය නිසාද කොහෙදෝ මම දැක්කෙත් නෑ අන්කල් ආවේ කොහෙන්ද කියල.

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now