ජන්ග්ගුක් කොලෙජ් එකෙන් එලියට ඇවිත් ඔහේ ඇවිදන් ගියේ ටිකක් තනිවෙන්න තිබුන උවමනාවෙන්..පාලු පාක් එකක් ලග කාර් එක පාක් කරපු ජන්ග්ගුක් බෙන්ච් එකක වාඩිවෙලා මහ හයියෙන් අඩන්න ගත්තේ හිතේ තිබුන දුකටයි තරහටයි..මේ දේවල් ඒ හිතට දරාගන්න අමාරුයි කියලයි ජන්ග්ගුක් ට දැනුනේ..
ඇයි ටේ.. එයාව එහෙම අතෑරියේ...
ටේ ඇයි එයා ගැන හිතන්නේ නැත්තේ..ඒත් ඒක ඇත්තක් නෙවෙයි කියලා නොදන්න ජන්ග්ගුක් කෑ ගගහ අඩන්න ගත්තේ එයා ටේ ට ගැලපෙන්නේ නෑ කියලා හිතාගෙන..
මුලු දවසම මුලු රෑම නින්දක් නැතුව අඩ අඩ හිටපු ජන්ග්ගුක් දිහා එයා ගෙදර ආපු වෙලාවෙ ඉදන් එයාගේ හ්‍යුං අවදානයෙන් ඉන්නේ කියලා ජන්ග්ගුක් ට කිසි තේරුමක් තිබුනේ නෑ. රතු උන ඇස් , වෙනස් වුන කටහඬ ජන්ග්ගුක් මුලු රෑම අඩපු බවට සාක්ෂි පෙන්නුවා..
ආයෙමත් ටේ ට මූණ දෙන්න අකමැති වුන ජන්ග්ගුක් පහුවදා කොලෙජ් යන්නේ නැතුව ඉන්න තීරණය කලා. ඔන්න ඒ වෙලාවේ තමා ජින් හ්‍යුං තීරණය කලේ මේ ගැන ජන්ග්ගුක් ගෙන් අහන්න.
" ජන්ග්ගුක්.... ඔයා ඇතුලේ ඉන්නවද? "
ඊයේ රෑත් අද උදෙත් කෑමට වත් එලියට ආපු නැති ජන්ග්ගුක් ගේ කාමරේ දොරට ජින් හ්‍යුං තට්ටු කලේ ජන්ග්ගුක් ට මොකද උනේ කියලා දැනගන්න හිතාගෙන.
" නෑ.... " ගොරහැඬි කටහඩින් ජන්ග්ගුක් උත්තර දුන්නා..
" අයිගෝ... මොකද මේ.... ග්ගුක් ප්ලීස් මේ දොර අරින්න..."
" මම ඇතුලේ නෑ.. " යාන්තමට කියනවා ජිම් හ්‍යුං ට ඇහුනා.
" අයිගෝ ග්ගුක්... පිස්සු නටන්නේ නැතුව මේ දොර අරින්න.. නැත්තන් මං ඔම්මා ට එන්න කියන්නද මොකද බලන්න.. "
කියද්දී ම හෙමීට දොර ඇරුනා.
"හේ ග්ගුක් " ජින් සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ඉන්න ජන්ග්ගුක් දිහා බලන් කිව්වේ මොකද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරුව. තවමත් කදුලු වැටෙන ඒ රතු උන ඇස් දිහා බලන් ඉන්න බැරිතැන ජන්ග්ගුක් ව තදින් බදාගත්තේ මොහොතකට හරි සැනසීමක් දෙන්න හිතන්..
ESTÁS LEYENDO
𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄 [ COMPLETED ]
Fanficජන්ග්ගුක් , ටේහ්යොන්ග් කියන්නේ ආදරය උපරිමයෙන් විදිමින් ඉන්න දෙන්නෙක්... ටේ ගේ ඇස් වලින් කදුලක් නොවැටී තියන්න පුලුවන් හැමදේම ජන්ග්ගුක් කරනවා.. කෙටියෙන්ම කිව්වොත් ජන්ග්ගුක් ටේ ව පරිස්සම් කරන්නේ මල් පෙත්තක් පරිස්සම් කරනවටත් වඩා පරිස්සමට.... ඒ තමා ආදර...