~ Chapter 05 ~

748 161 13
                                    

" ටේ..."  ටේ ගේ මග ආයෙමත් අහුරපු මං එහෙම කියද්දී මගේ පපුව ගැහෙන්න ගත්තේ හිතාගන්නත් බැරි වේගෙන්..

" ඔයා මොකක්ද ඒ ම..ම ව..ගේ.. අය කියලා කිව්වේ..?!" කොහෙන් ආව හයියක් ද මන්දා මං එහෙම ඇහුවා. අවුරුදු  තුනක් තිස්සේ මං ටේ ත් එක්ක හිටියත් මේ වගේ කෙලින්ම  මගේ අදහස් කියලා නෑ. සමහරවිට  ටේ ඒ කියපු දේත් එක්ක මගේ හිතට ශක්තියක් එන්න ඇති.

" ඔයා වගේ අය කියන්නේ.. මේ නපුරු ලෝකේ අනිත් මිනිස්සු වගේ නැතුව ඔයා වගේ ස්වීට්.. කරුණාවන්ත.. නිහතමානී කෙනෙක්.  ඇහෙන නෑහෙන ගානට ටේ කිව්වේ අමතක කරන්න හදන දේ ආයෙත් මතක් කරගෙන..

" මම ඇත්තටම ස්වීට්.. කෙනෙක්ද ටේ? "

" ඔව්.. ග්ගුකී... " ලස්සනට හිනාවෙන ගමන් ටේ එහෙම කිව්වා.. ඒත් ඒ හිනාව ක්ෂණයකින් නැතිවෙලා ගියේ වොච් එකෙන් වෙලාව බලපු ගමන්..

"අපි ඉක්මනට ගියොත් හොඳයි ග්ගුකී  "

මම ආයෙමත් ටේ ට පිස්සු වැටුනා. එයා කරන පුංචි පුංචි දේවල් වලින් පවා ඒ ආදරේ තව තවත් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නෑ. එයා පුරුදු වෙලා ඉන්නේ හරි අඩුවෙන් කතා කරන්න.. මට මතක විදියට එයාට මාස හයක් විතර ගියා මාත් එක්ක හරියට කතා කරන්න.. ඒකත් එයාගේ බර්ත්ඩේ පාටියට ඉන්වයිට් කරන්න..මට හොඳට මතකයි මම එදා දුන්න ටෙඩියව එයා තවමත්  තියාගෙන ඉන්නවා.

මං දන්නවා මං නිකන් පිස්සු කොල්ලෙක් වගේ පේන්නේ.. මට ඉතිං කරන්න දෙයක් නෑ..ටේ ඉස්සරහදි මට මාවම කන්ට්‍රෝල් කරගන්න බෑ..ටේ දිහා බලාගෙන හීනෙන් වගේ ගියපු මං ඉස්සරහින් කණුවක් තියෙනවා මං දැක්කෙ නෑ..

ආවුච්...ඔලුව හිල් වෙලා යන්න තරම් හයියෙන් කණුවේ වැදුනා.

මොකද  උනේ ග්ගුකී.. ටේ මං දිහාවට හැරෙන ගමන් ඇහුවා..රිදුන රිදිල්ලට එකපාරටම මගේ අත නලලට ගියේ මටත් නොදැනී... මගේ නලලින් අත අයින් කරපු ටේ..

" ගොඩක් රිදෙනවද.." ඇස් වල   කදුලු පුරවන් ටේ ඇහුවා.

නෑ...... මං නිකන් පිස්සෙක් වගේ හිනා වෙන ගමන් කිව්වත් ඔලුව නිකන් කැරකෙනවා කැරකෙනවා වගේ දැනෙන්න ගත්තා. වේගෙන් ඇස් පිල්ලම් ගැහුවේ ඔක්කොම  බොද වෙලා යනවා වගේ දැනුන නිසා. ඒත් එකපාරටම නලලේ සීතලක් දැනුන නිසා ඇස් ඇරලා බලද්දි  ටේ හෙමීන් සීරුවේ මගේ නලල අතගානවා..

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now