~ Chapter 07 ~

786 142 18
                                    

Taehyung's p.o.v

දවසින් දවස කාලය ඉක්මනට ගෙවිලා යනවා හිතාගන්නවත් බැරි වේගෙන්.. මට හිතාගන්න බෑ මම අද ඉදන් කොලෙජ් යනවා කියලා.. මුලු රෑ තිස්සෙම මට නින්දක් නෑ... අතේ අල්ල හොඳටම තුවාල වෙලා නියපොතු වලින් තද කරන් ඉදලා.

කොලෙජ් එක කොහොම තැනක් වෙයිද? ඒකේ ලෙක්චරස් ලා කොයි වගේ අය වෙයිද? ගුග්කී මාත් එක්කම ඉදීද? ගුග්කී වෙන කවුරුහරි හොයාගත්තොත් එහෙම???? 😥

කල්පනා ලෝකෙක හිටපු මම එකපාරටම ගැස්සිලා ගියේ දොරට තට්ටු කරන සද්දේ ඇහිලා. මම පුලුවන් තරම් ට්‍රයි කරත් නෝමල් විදියට ඇක්ට් කරන්න මට ඒක කරන්න පුලුවන් වෙයිද?

" ටේ..බේබි... අන්න ජන්ග්ගුක් ඇවිත් ඉන්නවා පහල" කියනගමන් ඔම්මා කාමරේ ඇතුලට ආවා. මම බිම බලාගෙනම ඔලුව වැනුවේ ඔම්මා දිහා බලන්න බැරිකමට.
ඒත් මගේ පුංචි වෙනසක් උනත් දැනෙන්න ඔම්මට ඒ හැටි වෙලාවක් යන්නේ නෑ..

" ටේ? ඔයා හොදින් ද පැටියෝ..? " මම ආයෙත් ඔලුව වැනුවා..

" කෝ...මාත් එක්ක කතා කරන්න.."

" මට බයයි ඔම්මා.." කියද්දී ම මට හයියෙන් ඇඩුනා. මම දන්නේ නෑ මම මේ තරම් සංවේදී ඇයි කියලා.. මට දැනුනේ මම කිසි කමකට නැති මෝඩයෙක් කියලා..මම පුලුවන් තරම් ට්‍රයි කරේ මගේ කදුලු හංගන් ඉන්න.. ඒත් ඔම්මා ඉස්සරහ මට ඒක කරන්න බෑ..

" අයිගෝ..... ටේ බේබි... අඩන්න එපා.. ජන්ග්ගුක් ඔයත් එක්ක ඉන්නවනේ... නේද? කමෝන්...අඩන්න එපා පැටියො... ඔයා දැන් ලොකු ලමයෙක්නේ... මගේ හොද පුතානේ.." ඔම්මා එයාගේ සිනිදු අත් මගෙ කම්මුල් වල තියන් කියනවා. ඔම්මාගේ ආදරේ හැමවෙලාවෙම මට ආරක්ෂාවක් සැනසීමක් ගෙනාවා. කදුලු පිහදන් මම නැගිට්ටේ පල්ලෙහාට යන්න.

බිම බලාගෙනම පහලට ගියපු මට ඒ ස්වීට් ඩීප් වොයිස් එක ඇහුනා..

" ගුඩ් මෝනින් ටේ! " හිමින් ඔලුව උස්සපු මං හැන්ඩ්සම් ජන්ග්ගුක් දිහා බැලුවේ මං කවදාවත් මේ තරම් හැන්ඩ්සම් කෙනෙක්ව දැකලා නැති ගානට. වෙනදා අදින ස්කූල් යුනිෆෝම් එක වෙනුවට අද එයා කැශුවල් ඇදලා, නලල පේන්න දෙපැත්තට බෙදපු කොණ්ඩේ හිතාගන්න බැරි අමුතු ලස්සනක් එකතු කරලා.. ඇස් පිල්ලමක් වත් නොගහා මං එයා දිහා බලන් ඉන්නවා ග්ගුකී ට අතේ මාට්ටු..🙈

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now