~ Chapter 16 ~

716 128 20
                                    

Author's POV

කර කියාගන්න දෙයක් නැතුව ග්ගුක් ගේ අත් වලට මැදිවුන ටේ මහ හයියෙන් අඩන්න ගත්තේ කාටත් උනේ මොකක්ද කියලා පොඩිම ඉගියක් වත් නොදී..  දැනුන බයටයි තරහටයි වෙව්ලන්න ගත්ත ටේ ට වටාපිටාවේ කතා කරන හඩවල් එකක්වත් ඇහුනේ නෑ...

හොඳ කරන්න හදන තුවාල ලුණු දාලා පාරනවා වගේ මේ වෙන දේවල්... අමතක කරන්න හදන අතීතේ කවුරුහරි ඇවිත් ආයේ ආයෙම මතක් කරනවා.  මේ වෙලාවේ ජන්ග්ගුක්  ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එයාගේ ලගට එනවට ටේ කැමති උනේ නෑ..

බිරාන්ත වෙලා බලන් හිටපු ග්ගුක් ට තවමත් හිතාගන්න  බැරි උනේ ක්ලාස් එක අතරතුරේ ටේ මේ විදියට අඩාගෙන එයාව හොයන් ආවේ  ඇයි කියලා. එයාට මොකක්ද මේ එකපාරටම උනේ..? ඇයි මෙයා මෙහෙම අඩන්නේ..?? කව්ද ටේ ට කරදර කරේ...?  මේ ප්‍රශ්න තොර තෝංචියක් නැතුව ග්ගුක් ගේ හිතේ මැවෙන්න ගත්තා.

" හේ... ටේ... පැටියෝ... " ටේ ව ටිකක් ඈත් කරන ගමන් ග්ගුක් කතා කරත් ටේ හිටියේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් තත්වෙක නෙවෙයි කියලා ටේ ගේ මූණ දැකපු ගමන් ග්ගුක් ට තේරුනා.. ඉක්මනින්ම  ටේ ගේ සුදුමැලි වුන මූණ ඒ උණුසුම් අත් දෙකට මැදි කරගත්තු ග්ගුක්...

" ටේ... පැටියෝ.... මොකක්ද උනේ..  "  ඒ ඇස් වලින් නොනවත්වා වැටෙන කදුලු ඇගිලි තුඩු වලින් පිහදාන ගමන් ඇහුවා.

මොකුත්ම නොකියපු ටේ තව තවත්  ග්ගුක් ට තුරුල් වෙලා ඒ පපුවේ ඔලුව තියන් ඒ පුංචි අත් වලින් තවත් තදින් ග්ගුක් ව  බදාගෙන අඩන්න ගත්තා.

"බේබි... හොඳ බබා වගේ මට කියන්නකෝ මොකද වුනේ කියලා... " ග්ගුක්  කියන්න පුලුවන් උපරිම හොදින් ආදරෙන් කිව්වා.

"  ම..මට ඕනේ උනේ.....ඔයත් එක්ක ඉන්න.... " එච්චරයි කිව්වේ..ආයෙමත් අඩන්න ගත්තා.. ඒත්  ග්ගුක් ට තේරුනා ඒ කියපු දේට වඩා කතාවක් මේ ඇඩුම අස්සේ හැංගිලා තියෙනවා කියලා. ඒත් මොකක්ද  ඒ??

"ටේ.. මට ඇත්ත කියන්න... "  ග්ගුක්  ටිකක් සැරෙන් කිව්වත් ඒ අසරණ ඇස් දැක්කම නිකන්ම තරහ නිවිලා ගියා.

මොකුත් නොකියපු ටේ යටිතොල හපාගෙන බිම බලාගත්තා.

" මොකක්ද  උනේ කියලා මම හොයාගන්න කලින් ඔයා මට  මොනවද උනේ කියලා කියනවද නැද්ද.." ඒ පාර නම් තරහෙන්ම ග්ගුක් කෑ ගහද්දි ටේ ව හිරි වැටිලා යනවා වගේ එයාට දැනෙන්න ගත්තා.

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now