~ Chapter 24 ~

739 127 22
                                    

Taehyung's POV

බෙන්ච් එකේ වාඩිවෙලා ඉන්න අපි දෙන්නගේ අත් යන්තමින් එකට ගෑවෙනවා දැනෙනවා.. පැය ගානක් තිස්සේ අඩපු මං හෙමින් හෙමින් ඇඩිල්ල පාලනය කරගන්න උත්සහ කරේ ග්ගුකී ඉස්සරහ උනත් තව තවත් පහලට වැටෙන්න බෑ කියලා හිතට වද දෙන්න ගත්තු නිසා...

මම කොයිතරම්  වතාවක් නම් බය උනාද එයාව මට නැතිවෙයි කියලා.. කොයිතරම් නම් වතාවක් කල්පනා කරාද මං කාලයක් තිස්සේ විදපු දුක් එයාට කියන්නේ කොහොමද කියලා.. කොහොමින් කොහොමහරි එයාම මේ දේවල් දැනගත්ත එක හොඳයි.. මොකද මට ඒ දේවල් වලට  උත්තර දෙන්න ඕනේ නෑ... මට බෑ.. මට දැනෙන්නේ හරියට ලොකු තරගෙකින් දිනුවා වගේ...

හැමදේම දැනගෙනත් කිසිම වෙනසක් නොකර ග්ගුකී මා ලග ඉන්නවා කියන එක කාලයක් මගේ හීනයක් වෙලා තිබුන දෙයක්... මම ඔහේ බලාගෙන කල්පනා කර කර ඉද්දි ත් ග්ගුකී තවමත් එක අතකින් මගේ පිට අතගානවා..

හෙමින් ඔලුව උස්සලා මම ග්ගුකී ගෙන් ටිකක් එහාට උනේ ග්ගුකී ගේ ඇස් දිහා බලන්න.. මම දන්නවා දැන් මාව පේන්නේ හරියට පිස්සෙක් වගේ.. ඒත් මම හෙමින් මගේ ඇස් ඒ ඇස් දිහාට අරන් යද්දි දැනටමත්  ඒ ඇස් මගේ දිහාට හැරිලා..

" සො...සොරී... ග්... ග්ගුකී මට ඔයාට කලින් කියන්න තිබුනා..." ආයෙමත් ඇඩුම් එද්දි ඒ තද කලු ඇස් දිහා බලන්  එලියට පනින්න දගලන ඇඩුම යට කරන් මං කිව්වේ එහෙම නොකිව්වනම් ඒක මගේ හිතට මහ වදයක් වෙන නිසා.

" ඔයාට සොරි කියන්න දෙයක් නෑ මගේ පැටියෝ.. දැන් ඒ දේවල් ඔක්කොම ඉවරයි... ඒ අතීතේ අපි දැන් වලලලා දාලා ඉවරයි.. ඒ නිසා ප්ලීස් .. ඔයා සමාව ඉල්ලන්න එපා පැටියෝ..." ග්ගුකී මගේ කනට කරල කියද්දි ඉබේම මගෙන් ලොකු හුස්මක් පිටවුනේ හිතේ තිබුන බර ඔක්කොම සැහැල්ලු වුනා වගේ දැනුන නිසා..

පැය ගානක් තිස්සේ කෑ ගගහ අඩපු නිසාද මන්දා මගේ ඔලුව පුපුරන්න වගේ..ඒ තරම් කැක්කුමයි.. ඇගටත් අමුතුම මහන්සියක් දැනෙන්නේ. ග්ගුකී ගේ උණුහුමට ගුලි වෙලා ඉද්දි නම් මට දැනෙන්නේ පුදුම සනීපයක්... මට මගේ මහන්සිය නැතිවෙලා යනකන්ම මෙහෙම ඉන්න තියේ නම්.... ඒත් මගේ මූණ බලපු ගමන් මං ඉන්නේ අමාරුවෙන් කියලා ග්ගුකී ට තේරුනා.. ඒකේ ආයේ කියන්න දෙයක් තිබුනේ නෑ..

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now