Author's POV
එදත් වෙනදා වගේම එක නිස්කලංක උදයක්..වෙනදා වගේම ටේ ග්ගුක් දෙන්නා කොලෙජ් යන්න පිටත් වුණේ ආදරෙන් අත් පටලවන්.. දාහක්දෙනාගේ ඇස් වලින් ටේ ව බේරන් කොලෙජ් එකට එක්කන් යන එක ඇත්තටම ග්ගුක් ට ලොකු අභියෝගයක් උනා.
ග්ගුක් වෙනදට වඩා දැන් ටිකක් වෙනස් වගේ..වෙනදටත් වඩා කොයි වෙලාවෙත් ටේ ගේ ඇගේ එල්ලීගත්ත ගමන්මයි.. ආදරෙත් වැඩිවෙලා වගේ.. ටේ ට මේක මුලින් ටිකක් අමුතුවට දැනුනත් ටික ටික හුරු උනාම එයාටත් ඒක නැතුවම බෑ වගේ උනා..
ජිමින් නම් කොයි වෙලාවෙත් කරේ කොයි වෙලාවෙත් ඇගේ එල්ලිලා ඉන්න මේ කපල් එක විහිලුවකට ගන්න එක.. ටේ ට වඩා මේ ගතිය තිබුනේ ග්ගුක් ට.. කොහොම උනත් ටේ ටත් ඕනේ උනේ පුලුවන් හැම වෙලාවකම ග්ගුකී ගේ ලගින්ම ඉන්න. හැබැයි ඉතින් දුකෙන් උනත් සතියට දෙවතාවක් මේ දෙන්න ට මියුසික් , ස්පෝට්ස් කියන පීරියඩ් දෙකේදී වෙන්වෙන්න සිද්ධ වුණා.
දුකෙන් මූණ පුරවගත්ත ටේ යන්තමින් ඔලුව වැනුවේ ස්පෝට්ස් පීරියඩ් එකට බාස්කට්බෝල් කෝට් එක දිහාවට යන්න හදන ග්ගුකී දිහා බලන්..
" ඔයා දුකෙන් වගේ පැටියෝ... ඇයි මේ... ??" ටේ ගේ මූණ අත් දෙකට මැදි කරගන්න ගමන් ග්ගුක් ඇහුවා.
" මට ඒකට යන්න බෑ.. " හීනී කටහඩින් ටේ එහෙම කිව්වේ හුරතල් විදියට තොල් දෙකත් උල් කරන්.. ඒක දැකපු ගමන් ග්ගුක් ගේ මූණ හීන් හිනාවකින් සැහැල්ලුවෙලා ගියා..
" අයිගෝ... පැටියෝ... එක පීරියඩ් එකයිනේ.. අපිට ආයේ ඊලඟට බ්‍රේක් එකේදි හම්බවෙන්න පුලුවන්නේ.." ටේ ගේ දකුණු කම්මුල යන්තමින් කිස් කරපු ග්ගුක් බෑග් එක එක සයිඩ් එකකට දාගන්න ගමන් ලොකර් රූම් එක දිහාවට යද්දි ටේ බිම බලාගෙනම යුන්ගි ත් එක්ක මියුසික් රූම් එක දිහාවට යන්න ගත්තා.
~•~•~•~•~•~•~
ටේ යි යුන්ගියි යද්දි ලමයි ඔක්කොම විතරක් නෙවෙයි සර් උත් ඇවිත් හිටියා..
" ම්ම්... ex...cuse me sir අපි ඇතුලට එන්නද.." බර කටහඩෙන් යුන්ගි අහද්දි මොනවදෝ කියව කියව හිටපු සර් පාඩම නවත්තලා දොර දිහා බැලුවා.
KAMU SEDANG MEMBACA
𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄 [ COMPLETED ]
Fiksi Penggemarජන්ග්ගුක් , ටේහ්යොන්ග් කියන්නේ ආදරය උපරිමයෙන් විදිමින් ඉන්න දෙන්නෙක්... ටේ ගේ ඇස් වලින් කදුලක් නොවැටී තියන්න පුලුවන් හැමදේම ජන්ග්ගුක් කරනවා.. කෙටියෙන්ම කිව්වොත් ජන්ග්ගුක් ටේ ව පරිස්සම් කරන්නේ මල් පෙත්තක් පරිස්සම් කරනවටත් වඩා පරිස්සමට.... ඒ තමා ආදර...