~ Chapter 28 ~

688 119 22
                                    

Double update, why not!!!!😁

Author's  POV

ආයෙම සාමාන්‍ය සුපුරුදු දවසක්.. ග්ගුක් වෙනදා වගේම උදෙන්ම ටේ ගේ ගෙදර ගියේ ටේ ත් එක්කම කොලෙජ් යන්න හිතන්.. ග්ගුක් ව දැකපු ගමන් ඒ තුරුලට පැන්න ටේ බබා ග්ගුකී ව කිස් කරේ හරියට මාස ගානකින්  දැක්කේ නෑ වගේ..

ඒත් ග්ගුකී ගේ මොක්ක්දෝ වෙනසක් තියෙනවා කියලා ටේ ට තේරුම් යන්න නම් ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

" මොකක්ද ප්‍රශ්නේ ග්ගුකී ..." අත් දෙකෙන්ම අල්ලන් ග්ගුකී ගේ මූණ එයා දිහාවට හරවන් ඇහුවා.

" ආහ්.. මොකුත් නෑ බබා... ඊයේ හොඳට නිදගත්තද... කොහොමද මගේ චූටි හුරතල් පූස් පැටියට.... ඇකිලිලා ගිය ටේ ගේ මූණට එලියක් ගේන්න හිතන් ග්ගුක් එහෙම කිව්වේ ඇගිල්ලෙන් නහයට තට්ටුවක් දාන ගමන්..

" හ්ම්ම්..මං නම් හොඳට නිදාගත්තා.. ඒත් මගේ බනීගෙ නම් ඒ තරම් හොඳක් පේන්න නෑ.."   අත් දෙකෙන්ම ග්ගුකී ගේ කම්මුල් මිරිකන ගමන් ටේ කිව්වා.

" මොකද උනේ.. "  ග්ගුකී ගේ හුස්ම දැනෙන තරම් මූණට එබිලා ටේ ඇහුවා.

" මොකුත් නෑ මගේ sunshine.. මට ටිකක් මහන්සියි වගේ.. එච්චරයි.. "

" ඇත්තටම.. "

" ඔව් පැටියෝ.. මං හිතන්නේ අපි දැන් ගියොත් හොඳයි ... "

"හ්ම්ම්..." තවත් මොකුත් නොකියා ටේ ගිහින් කාර් එකේ වාඩිවුණා. ඒත් එක්කම  ග්ගුක් කොලෙජ් එකට යන්න පිටත් වුණා..

"වාසනාවට වගේ ඒ පාර නම් තවම මොකුත් අමුතු දෙයක් නෑ වගේ..." ග්ගුක් ගේ කල්පනාව තවමත් අර වාහනේ ගැන.  ඒත් යන අතරමග ග්ගුක් අවදානයෙන්ම ගියේ කොහෙන්ම හරි ඒ කාර් එක දකින්න ලැබෙයි කියලා.. පොඩි සැහැල්ලුවක් දැනුනත් මේක ඒ තරම් ලේසියෙන් අතාරින්න හොඳ දෙයක් නෙවෙයි කියලත් මේක කාටම හරි කියන්න ඕනේ කියලත් ග්ගුක් ගේ හිත කොයි වෙලාවෙත් කිව්වා. ඒ තරම් වෙලාවක් යන්න කලින් බාස්කට්බෝල් සෙල්ලම් කර කර හිටිය ග්ගුක් ගේ මේ අමුතු වෙනස ජිමින් දැක්කා.

" මොකද නිකන් අවුලෙන් වගේ.මං බලාගෙන හිටියේ..මේ ලෝකේ නෙවෙයි අද ඉන්නේ.. "

දැන් ඉතින් කොහොමද ජිමින් ට මේ ගැන නොකියා ඉන්නේ..

"  හ්ම්ම්..මට නිකන් මහ අමුත්තක් දැනෙනවා ජිමිනෝ.."

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now