~ Chapter 04 ~

815 158 9
                                    

Author's p.o.v

සතියක් විතර ගතවුණා ආපහු  ටේ නෝමල් තත්වෙට එන්න.. මේ හයි ස්කූල්  එකේ ගෙවෙන අන්තිම මාසේ නිසා දිගටම ස්කෝලේ  යන්න කට්ටියටම සිද්ධ වුණා. හයි ස්කූල් ඉවර වුනාට පස්සේ කොලෙජ් යන්න තමා හිතන් ඉන්නේ කට්ටියම..

ටේ වගේම අනිත් සෙට් එකත් මේ ගෙවෙන අන්තිම මාසේ උපරිම ජොලියෙන් ගෙවන්න තමා හිතන් ඉන්නේ..

" හේ ග්ගුක්.. අපි ලගදිම මේ චැප්ටර් එක ක්ලෝස් කරලා අලුත් චැප්ටර් එකක් පටන් ගන්නයි යන්නේ.. ගොඩක් දේවල් මේ කාලේ වෙනස් වෙන්න පුලුවන්.." ජිමින් ජන්ග්ගුක් ට එහෙම කිව්වේ  හවස ස්කෝලේ  බාස්කට්බෝල් ප්‍රැක්ටිස් වෙලාවෙදී.

" මොකක්ද  ජිමිනා ඔයා ඒකෙන් අදහස් කරේ? " බෝලේ අරන් ගියපු ජන්ග්ගුක්  බාස්කට් එකට  දාන්න කලින් ජන්ග්ගුක්  කිව්වා.

" ආහ්.... මේක ඉතින් ඔයත් දන්නවා.. මාත් දන්නවා.. අපි ඔක්කොම  දන්නවා.. ඔයා ටේ ගැන හිතන විදිය.. කට කොනකින් හිනා වෙන ගමන් ජිමිනා කියනකොට ජන්ග්ගුක් රැව්වා රැවිල්ලක් ජිමිනා පිච්චිලා අලු වෙලා යන්නම...

"  ඉතින්  "

" එයා වෙන කොලෙජ්  එකකට ගියොත් එහෙම ඔයා මොකද කරන්නේ?  මං නම් කියන්නේ  ඔයා දැන්ම ඕක ටේ ට කියලා දාන්න කියලා.. ජිමිනා ජන්ග්ගුක් ගේ අතේ තිබුන බෝලේ අතට අරන් ලග තිබුන බෙන්ච් එකක වාඩිවෙන ගමන් කිව්වා.

" මොනවද මේ කියවන්නේ.. පිස්සු හැදීගෙන වත් එනවද?" එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ජන්ග්ගුක් ඇහුවා.

" ටිකක් හිතලා බලන්න..  එයා වෙන කොලෙජ් එකකට ගිහින් ඒකෙන් කෙනෙක්ව හොයාගත්තොත් එහෙම..  මං කියන්නේ ඉතින්.. අපි අපේ පාට්නර්ස් ලව හොයාගන්නේ කොලෙජ් එකේදිනේ..කියන්න බෑනේ ඉතින් මොනව වෙයිද කියලා"

"මොකක්ද  දැන් ඔය කියන්න හදන්නේ"

" ටේ ට කියන්න ජන්ග්ගුක්!  මම දන්නවා ටේ කියන්නේ ඔයාට අපි වගේ නෝමල් යාලුවෙක් නෙවෙයි.. එයාව ඔයාට විශේෂයි. ඒකේ ආයේ පැහැදිලි කරන්න දෙයක් නෑ..  ටේ උනත් එහෙම තමයි. එයා අපි හැමෝමත් එක්ක ඉන්නවට  වඩා ඔයා එක්ක  ඉන්නයි කැමති. අපිට වඩා ඔයා එක්ක කතා කරන්නයි එයා කැමති. එයා හරි සැහැල්ලුවෙන් ඉන්නේ ඔයා එක්ක ඉද්දි.  අපි හොඳට නෝට් කරලා තියෙනවා එයා හිනාවෙන්නේ ඔයා නිසා විතරමයි. මේ ගැන ටිකක් හිතලා බලන්න... පරක්කු  වෙන්න කලින්"

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now