~ Chapter 20 ~

765 131 11
                                    

[  2K+ readers..!!! Woahhh.... daebak!!!! 🙄🙄💜️]

Jungkook's POV

මම කිසි දවසක හිතුවේ නෑ කෙනෙක් ගේ අහිංසකකම ඒ කෙනාගේ ලොකුම දුර්වලතාවය වෙයි කියලා. මගේ ආදරේ... මගේ ඒන්ජල්...  මගේ ටේ... මේ ලෝකේ සතුටින්ම ඉන්න ඕනේ කෙනෙක්... ඒත් මේ අහිංසකකම උඩින් වැහුන ඒ නපුරු දේවල් කිසි දෙයක් මගේ ටේ ලබන්න ඕනේ දේවල් නෙවෙයි..

මොන වැරැද්දක් කරාටද දෙවියෝ එයාට මේ වගේ දඩුවමක් දුන්නේ...

මම කොහොමද එයා ඉස්සරහ මගේ හිතේ වේදනාව, තරහව,දුක පාලනය කරන් ඉන්නේ.. ඇයි මේ හැමදෙයක්ම එයාටම උනේ... ?

මගේ ඔලුව හරියට යකාගේ කම්මල වගේ..මේවා හිතෙන හිතෙන වාරයක් ගානේ මාව පිස්සු වැටෙනවා වගේ. මේ කිසි දෙයක් නොදැන මම එයා ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරුන හැටි.. ඒකට නම් මට කිසිම දවසක සමාවක් දෙන්න බෑ. අනේ.. මට එයාව තුරුල් කරන් ඔය මොනදේ උනත් අපි දෙන්නව වෙන් කරන්න බෑ කියලා කියන්න පුලුවන් උනානම්...

අනේ... මේ එදා මගේ ටේ ට නොවුනා නම්.... මේ ලෝකේ නපුරට වඩා තියෙන  ලස්සන දේවල්  එයාගේ ඇස් දෙකෙන් විදගන්න එයාට පුලුවන් උනානම්...හැමදේම මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබුනා.ඒත් එහෙම උනා නම් සමහර විට අපිව මුණ නොගැහී ඉන්නත් තිබුනා.. ඒත් අඩුම තරමේ එයා සතුටින් වත් ඉදීනේ... හරි ඉතින් දැන් අපි කොහොමහරි මුණ ගැහුනනේ.. මට ඕනේ මේ හැමදෙයක්ම හරි ගස්සන්න..

ඒ ලස්සන අහිංසක ඇස් දකින හැම මොහොතකම මාව ඇතුලෙන් මැරි මැරී ඉපදෙනවා වගේ.. ඒත් දැන් ඒ ඇස් පියවිලා...  ඒකෙන්ම කියවෙනවා එයා කොයිතරම් අනාරක්ෂිත ‍ද කියලා..

¥¥¥¥¥¥¥¥¥¥

Author's POV

කදුලු පිරුනු ඇස් වලින් ටේ දිහා බලන් හිටපු ග්ගුක් හිටියේ කල්පනා ලෝකෙක ගිලිලා.. දැනෙන නොදැනෙන ගානට ඒ සිනිදු කෙස් අතරිනුත් කම්මුල් දිගේත් දිගු හීනී ඇගිලි තුඩු යව යව කල්පනා කරේ ටේව සතුටු කරන විදියක් ගැන...

"ග්.... ග්ගුකී... "  ග්ගුක් ව එකපාරටම ගැස්සිලා පියවි ලෝකෙට ආවේ කෙදිරිල්ලක් වගේ ඇහුන ටේ ගේ කටහඩින්..

" ටේ...... " කියන ගමන්  ටේ අත එයාගේ පපුවට ලං කරගත්තේ ටේ ට හොඳට එයාගේ හදගැස්ම ඇහෙන්න දෙන ගමන්... එයාට ඕනේ උනේ කටෙන් කියනවට වඩා එයාගේ ග්ගුකී එයාගේ ලගම ඉන්නවා කියලා තවමත් ඇස් පියන් ඉන්න ටේ ට දැනෙන්න දෙන්න..

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Donde viven las historias. Descúbrelo ahora