~ Chapter 10 ~

782 135 12
                                    

JK's p.o.v

" ඔයාට බෑ... ග්ගුකී මට ආදරේ කරන්න.... "

"  ඇ...ඇයි..????? "  එකවර පිහි සීයකින් විතර මගේ පපුවට අනිනවා වගේ හැගීමක් මට දැනෙන්න ගත්තා.. මාව දුර්වල වීගෙන එනවා වගේ දැනෙන්න ගත්තා.. මුලු ලෝකෙම මගේ වටේ කැරකෙනවා වගේ.. ඒ දැනෙන වේදනාව කියන්න වචන මට එන්නේ නැහැ.. මාව රිජෙක්ට් වෙයි කියන ඒ අදුරු වලාව හතරවටින් මාව වෙලාගද්දි තවමත් මට හිටගෙන ඉන්න යන්තමින් හරි ශක්තියක් උනේ හිතේ කොනක තිබුන පුංචි බලාපොරොත්තුවක්...

" ම...මට උරුම නෑ... "  මගේ ලගින් දුවලා යන්න කලින් එච්චරයි එයා කිව්වේ.. මගෙ අතින් ගිලිහුණු ඒ උණුහුම් අත මගෙන් ඈතට යද්දි  මං ගල් ගැහිලා බලන් හිටියේ කිසිම දෙයක් කර කියාගන්න බැරුව... ඒ වෙලාවේ නම් බැමි ඔක්කොම කඩාගෙන මගෙ ඇස් වලින් කදුලු ගලන්න පටන්ගත්තේ මටත් නොදැනිමයි...

ඇයි එයා එහෙම දෙයක් කිව්වේ...!?

පඩිපෙල මැද ගල් ගැහිලා මං බලන් ඉද්දි ටේ ඡායාවක් වෙලා නොපෙනී ගියා..ගලාගෙන ගිය කදුලු කැට මාබල් පොලව උඩට වැටෙද්දි ඒ අතරින් පෙනුන මගේ ඡායාව කදුලු අතරෙම දියවෙලා ගියා..

පියවි සිහියට ආව මං කොලෙජ් එකෙන් එලියට දුවන් ආවේ ටේ ව හොයන්... ඒත් පේන තෙක් මානෙක එයා හිටියේ නෑ..  ගෙදර එන්න  ආපු මම පිටින් නිශ්ශබ්ද ව හිටියත් හිත ඇතුලෙන් මහ හයියෙන් අඩා වැටෙමින් හිටියේ.. මේ දේවල් කවදාවත් ඉවර නොවෙන ඒව කියලයි මට හිතෙන්නේ..

ලොකු දේවල් නෙවෙයි.. මේ සිද්ධ වෙන පොඩි දේවල් එක්ක මගේ හිතට ලොකු බරක් දැනෙන්න ගත්තා.. ඔහේ ඇවිදන් ගියපු මට කවුරුත් නැති පාක් එක්ක හම්බුනා.. ඇතුලට ගිහින් බෙන්ච් එකක වාඩිවෙලා කල්පනා කරන්න ගත්තේ තවත් අඩන්න කදුලු ඇස් වල නෑ කියල දැනෙන නිසා. 

අනිත් අය වගේ නෙවෙයි.. ටේ ටිකක් වෙනස් කෙනෙක්..කිසිම සද්දයක් නැතුව ටේ මාත් එක්ක හිටපු හැටි.. ඒ හැමදේටම මම ගොඩක් ආදරේ කරා.. ඒත් හැමවෙලාවකම කුතුහලය , සැකය මගේ හිත ඇතුලේ තිබුනා..  ඇයි එයා ඒ තරම් වෙනස්?!  ඒත් මට කිසිම දවසක ඒක එයාගෙන් අහන්න බැරි උනා.

මගේ හිතේ ඇතිවුන ඒ කිසි දෙයක් මං පිට කරේ නෑ.. මම මාත් එක්කම ෆයිට් කරා සමහර වෙලාවල් වල.. මොකද මට ඕනේ උනේ නෑ මේ දේවල් විනාශ කරගන්න..

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Where stories live. Discover now