[ 1K+ views... woaah... deabak..... චින්චා ගුමාවොයෝ 🤗💜️ ආදරෙයි හැමෝටම 💜️😌
Authornim🍪❤ ]
වසන්තයේ දවසක මල් පිරුනු ගහක් යට මූණෙන් මූණ බලාගෙන හිටගෙන ඉන්න දෙන්නෙක්..
ටේහ්යොන්ග් ගේ අත් තවමත් ජන්ග්ගුක් ගේ බෙල්ල වටෙන් යවපු ගමන්.. ලෝකෙ තියෙන ලස්සනම වචන තුන ජන්ග්ගුක් ගේ තොල් වලට මිමිණුවේ..
දරාගන්න බැරිඋන ඒ හැගීමත් එක්ක තවමත් තෙත් වුන ඇස්... උහුලගන්න බැරි තරමේ සන්තෝසයක් හිර කරන්.. මොහොතකට හැමදේම නතර උනා වගේ... ඒත් ඒ නිහැඩියාව බිදිමින් හුස්ම උඩට අදින සද්දයක් යාන්තමට ඇහෙන්න ගත්තා. මේ උන දේ ඇත්තක් ද එහෙමත් නැත්තන් හීනයක් ද කියලා ජන්ග්ගුක් ට තවම හිතාගන්න බෑ..
ඔහුගේ අත් යාන්තමට ටේ ගේ ඉන වටා යවලා අනෙකාගේ හදගැස්ම ඇහෙන තරමට පපුවට ලං කරගත්තා..
ලං වුන ජන්ග්ගුක් ගේ උණුසුම් සුසුම් ඇවිත් ටේ ගේ මූණේ වදිද්දි ඒ ඇස් පියවුනේ එයාටත් නොදැනිමයි.. තවත් බලන් ඉන්නෙ නැතුව ජන්ග්ගුක් එයාගේ තොල් හෙමීට ඒ රෝස තොල් වලට බර කරේ ආදරෙන් පුරවන්..
යාන්තමට එහා මෙහා උන තොල් වලට කිසිම හදිස්සියක් වත් බයක් වත් තිබුනේ නෑ.. තිබුනේ මිහිරියාවක් විතරමයි... ඒ අවස්ථාව හිතාගන්න බැරි තරම් ලස්සනයි..
ජන්ග්ගුක් ගේ බෙල්ල වටාත් ටේ ගේ ඉන වටාත් පැටලිල තිබුන අත් හෙමින් එකිනෙකාගෙන් ගිලිහුනේ දෙන්නට දෙන්නා මූණ දිහා බලාගෙන ඉද්දිමයි..
පලවෙනි ස්ටෙප් එක තිබ්බා උනත් ජන්ග්ගුක් ගේ මූණ දිහා බලන්න ලැජ්ජා වුන ටේ තවමත් බිම බලන්.. තවමත් පියවුන ඒ ඇස්... රතු වුන කම්මුල්... වෙනම කතාවක් කියන්න අර අදිනවා වගේ... හෙමීට ඒ පපුවට තුරුලු වුන ටේ ඒ උණුහුමට ගුලි උනේ හිතේ ලොකුම ලොකු බරක් නිදහස් උන සැනසීමත් එක්කමයි..
ගලාගෙන ගිය කදුලු එහෙමම මූණේ වේලිලා ගිහින්... ඒ කදුලු අතරින් යන්තමින් හිනාවුන ජන්ග්ගුක් ඒ අත් වලින් ටේ ව තවත් තද කරලා අල්ලගත්තේ මලක් ආරක්ෂා කරන පොඩි ළමයෙක් වගේ.. ජන්ග්ගුක් ඒ සිනිදු කෙස් සිප ගත්තේ..
" ටේ... ඇයි ඔයා මාව අර විදියට ඈත් කරේ.. " කියන ගමන්...
හයියෙන් හුස්ම ගත්තු ටේ ජන්ග්ගුක් ව තවත් තදින් බදාගත්තේ ප්රශ්නේ මග අරින්න ට්රයි කරනවා වගේ...
DU LIEST GERADE
𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄 [ COMPLETED ]
Fanfictionජන්ග්ගුක් , ටේහ්යොන්ග් කියන්නේ ආදරය උපරිමයෙන් විදිමින් ඉන්න දෙන්නෙක්... ටේ ගේ ඇස් වලින් කදුලක් නොවැටී තියන්න පුලුවන් හැමදේම ජන්ග්ගුක් කරනවා.. කෙටියෙන්ම කිව්වොත් ජන්ග්ගුක් ටේ ව පරිස්සම් කරන්නේ මල් පෙත්තක් පරිස්සම් කරනවටත් වඩා පරිස්සමට.... ඒ තමා ආදර...